බස්නාහිර පළාත තුළ සේවයේ නියුතු මහජන පරීක්ෂකවරුන් අද (25) ක්‍රියාත්මක කිරීමට සිටි වැඩ වර්ජනය අත්හිටවූ බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එම්. බාලසූරිය මහතා සඳහන් කර තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොවිඩ් මර්දන රාජකාරීවලින් ඉවත් වේ !
එන්නත්කරණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී වාතාවරණය හේතුවෙන් අද (25) උදෑසන සිට බස්නාහිර පළාතේ කොවිඩ් මර්දන රාජකාරී ඇතුළු සියලු කටයුතුවලින් ඉවත්වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේනවා.
බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයින් පිළිබඳව විශේෂ අවධානයක් !
කොවිඩ් -19 අසාදිතව මියගිය පුද්ගලයින්ගෙන් වැඩි ප්‍රතිශතයක් දීර්ඝ කාලීනව බෝ නොවන රෝගවලින් පෙලෙන පුද්ගලයන් බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
මෙම තත්ත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දීර්ඝ කාලීනව බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයින් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්යක්ෂ, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය සඳහන් කරයි.
ඒ සදහා බෝ නොවන රෝගීන් සඳහා වෛද්‍ය සායන සහ හුදකලා කර ඇති ප්‍රදේශවල විශේෂ ජංගම සායන මගින් ඖෂධ සහ ප්‍රතිකාර කටයුතු සිදුකිරීමට ද මේ වනවිට ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.
-පංචාලි අබේසේකර
දැඩි අවදානම් ප්‍රදේශවල ජනතාවට වෙසක් පොහොය යෙදෙන හෙට (26දා) සහ අනිද්දා (27දා) දිනවලදීද අවශ්‍යතාව මත කොවිඩ් මර්දන එන්නත ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හමන්ත හේරත් ප්‍රකාශ කර ඇත.
ලෝක වෙළෙඳපොළේ මිල ගණන්වලට සමගාමීව මෙරට ඉන්ධන මිල සංශෝධනය කළයුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර තිබෙනවා.
සහන මල්ල පිළිබද සොයා බැලීමට බන්දුල සතොස අලෙවිසැල් නිරීක්ෂණයට !
හුදකලා කරන ලද ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් හා නිරෝධායනය වන පවුල් වෙනුවෙන් රජය විසින් නොමිලේ ලබාදෙන රු.5000/=වටිනා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ලබා දීමේ සහන ව්‍යාපෘතියේ කටයුතු සොයාබැලීම සඳහා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ දින රත්මලාන සතොස අලෙවිසැල් හි නිරීක්ෂණ කටයුතු සඳහා එක් වි තිබෙනවා.
හෙට සංචරණ සීමා ලිහිල් වුවත් පොදු ප්‍රවාහනයට අවසර නැහැ !
සංචරණ සීමා ලිහිල් වන හෙට(25) දිනයේ පොදු ප්‍රවාහන සේවා සඳහා අවසර හිමි නොවන බවත් , අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බවත් ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
ෆයිසර් සහ ඇස්ට්‍රා සෙනෙකා යන එන්නත් දෙකම මාත්‍රා දෙකම ලබාගැනීමෙන් අනතුරුව කොවිඩ්-19 ඉන්දියානු ප්‍රභේදයට එරෙහිව බෙහෙවින් ඵලදායී බව අධ්‍යයනයකින් හෙළි වී තිබේනවා .