ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (15) වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ.

දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,250,000 ඉක්මවා ගොස් තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

ජලභීතිකාව හේතුවෙන් මේ වසරේ ගත වු කාලය තුළ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වසංගත රෝග විද්‍යායතනය පවසයි.

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු මේ වන විට අවසන් වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ( සංවර්ධන හා සන්නිවේදන) වරුණ දීප්ත රාජපක්ෂ මහතා සේවයෙන් ඉල්ලා අස් වී තිබේ.

සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට එක්වූවේය.

සමගි ජන බලවේගය විසින් පිහිටුවන ඉදිරි ආණ්ඩුවක අමාත්‍ය ධූරයන් වෙන්කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විටත් එම පක්ෂය තුළ බරපතල ගැටුමකට හේතු වී ඇති බව වාර්තා වේ.

ඉදිරියේ පිහිටවනු ලබන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක කැබිනට් අමාත්‍ය දුර සංඛ්‍යාව විසි පස්දෙනකුට සීමා කරන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර ඇත. එම අමාත්‍යවරුන් සඳහා උපදෙස් ලබා දීමට වෙනම උපදේශක මණ්ඩලයක් පත්කරන බවද ඔහු සදහන් කරයි.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us