මේ වන විටත් සජිත් ප්‍රේමදාසව යට කරගෙන පාඨලී චම්පික සජබය තුළ බලවත් වී ඇති බව, සජබයේ කුරුණෑගල පළමු ‍රැලියෙන්ම පෙනෙන්නට තිබිණි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා මීට සුළු වේලාවකට පෙර තමන්ගේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බවට සහතික වූවේය.

ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය දීමට  තීරණය කර නොමැති බව හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගි ජන සන්ධානය හා එක්ව ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආර්. එම්. සෝභිත රාජකරුණා මහතා පත්කර තිබේ.

කෝවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ උපත් සංඛ්‍යාව 20% කින් අඩු වී ඇති අතර මරණ සංඛ්‍යාව 30% කින් වැඩි වී තිබෙන බව මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා පවසා තිබේ.

එල්ටීටීඊ සංවිධානය තවදුරටත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හැඳින්වීමට කැනඩා රජය තීරණය කර ඇති බව විදෙස් වාර්තාවල සදහන්ය. 

පුළුවන් ශ්‍රී ලංකා සම්මුතිය අද දින (16) කොළඹ වොර්ටස් එජ් හෝටල් පරිශ්‍රයේ සිට එළිදැක්වීය.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us