සුදු කෙස් ස්ථිරවම කළු කරන බවට සහ තට්ටයේ අලුතෙන් කෙස් වැවෙන බව සඳහන් කරමින් හිසේ ආලේප කරන ව්‍යාජ තෙල් වර්ගයක් සමාජ මාධ්‍ය භාවිත කරමින් මාර්ගගත ක්‍රමයට (Online) අලෙවි කරන ලද ආයතනයකට විරුද්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නීතිමය පියවර ගෙන ඇත.

ටින්වල සහ පැකට්වල අසුරා අලෙවි කරන නැවුම් දියර පොල් කිරි, පිටි කළ පොල් කිරි, පොල් කැබලි ආදිය වැඩි වැඩියෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයන් උනන්දු විය යුතු බව පොල් සංවර්ධන අධිකාරිය (CDA) පවසයි. වත්මන් පොල් හිඟයට විසඳුමක් ලෙස මෙය යෝජනා කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම නවතා එහි අත්‍යවශ්‍ය ප්‍රතිංස්කරණය ඉදිරියට සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.

 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් මගින් සකස් කළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වසරකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ආනයනික සීනි කිලෝවක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.

කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් අද (05) පෙරවරු 8 සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

අද (05) දිනයේ මධ්‍යම, සබරගමුව, උතුරුමැද, ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දැනට ලැබී ඇති විදෙස් ගමන් බලපත්‍ර තොගය සඳහා ටෝකන් නිකුත් කිරීම ඉදිරියේදී මාර්ගගත ක්‍රමවේදයකට අනුව සිදුකරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ld add copy

Connet With Us