මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අද (04) යි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අප්‍රිකානු සූකර උණ රෝගය (African Swine Fever) පැතිර යාම වළක්වා ගැනීම සඳහා ආසාදිත සතුන් මානුෂික ආකාරයෙන් (වේදනා රහිතව) විනාශ කිරීම සඳහා ප්‍රබල විද්‍යුත් කම්පනයක් හෝ එක එල්ලේ හිසට වෙඩි තබන ලෙසට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඌරු ගොවිපොළ හිමියන්ට උපදේශන මාලාවක් ලබාදීමට නියමිතය.

සරම්ප සහ රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතියක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

 2024 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිම් විශේෂ දිනයක් ලෙස අද (03) දිනය සලකනු ලබන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

මහමැතිවරණයේදී දේශපාලන පළපුරුද්දක් සහිත පුද්ගලයින් පාර්ලිමේන්තු නියෝජිතයින් ලෙස පත්කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ මස නව පාර්ලිමේන්තුව රැස්වූ වහාම මුදල් අමාත්‍යවරයා වශයෙන් රාජ්‍ය වියදම් වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට නියමිතය.

මධ්‍යම සහ ඌවපළාත්වල ඇතැම් ස්ථානවලට අද (03) මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Connet With Us