ඊයේ දින (28 ) රාත්‍රී 11.40ට පමණ 30වනදා ගලහ සහ දෙල්ගොඩ පැවැත්වීමට නියමිත පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනහමුවලට අදාළ පෝස්ටර් අලවමින් සිටි පිරිසකට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.
ක්‍රීඩා සංචාරක කර්මාන්තයට මුවාවී කමාන්ඩෝ රෙජිමෙන්තුව යළිත් පරිසරය බිල්ලට දෙයි.
ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යෙ හා පාරිසරික පද්ධතීන් කෙළි බඩු ලෙසට තකන ධනවත් මුග්ධයන් කිහිපදෙනකුගේ ආශීර්වාදය ඇතිව යුධ හමුදා කමාන්ඩෝ බලකාය විසින් පවත්වාගෙන යනු ලබන සිව්බල මෝටර් රථ Four wheel vehicle සමාජය විසින් මේවනවිට ශ්‍රී ලංකාවේ වන බිම් විනාශ කිරීමේ ව්‍යසනකාරී ව්‍යාපෘතියට දෙවන වරටත් අත ගසා ඇත.
ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව කැඳවීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය විසින් පැනවූ වාරණය ලබන මස 7 වැනිදා තෙක් යළි දීර්ඝ කර තිබේ.
ඉදිරි මහ මැතිවරණයට අදාලව නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 170 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අැත. මේ සම්බන්ධව සිදුකල වැටලීම් 89 කදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කලේය.
ඊයේ(28) ඉන්දියවේ සරණාගතයන් ලෙස ජීවත්වූ ශ්‍රී ලාංකියන් 45 දෙනෙකු නැවත මෙරටට පැමිණුනු බව හින්දු පුවත්පත වාර්තා කර තිබේ.
ලෝක කුඩු ව්‍යාපාරික මොහොමඩ් මුජයිඩ් පිළිබඳ හෙළිදරව්වීමත් සමඟ ඔහු හා රාජපක්ෂ පවුලේ ඇති සමිප සම්බන්ධතා රැසක් මේවන විට අනාවරණය වෙමින් පවතී.
කුඩුකාරයින්ගේ නම්, කැසිනෝකාරයින්ගේ නම්, ස්ත්‍රී දූෂකයින්ගේ නම්, මිනීමරපු අයගේ නම් පමණක් නොව එතනෝල්කාරයින්ගේ නම්, හිරගෙදරට ගිහිල්ලා හිර ගෙදර මිනී මරන අයගේ නම් වලට සුසිල් ප්‍රේම්ජයන්තලාට අත්සන් කරන්න පුළුවන් නම්, ඒ අත්සන එක්කම මගේ නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළා කියා කණගාටු නොවන බව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් සම නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
අඩ සියවසකට අධික කාලයක් ලාංකීය චිත්‍රකතා රසික රසිකාවියන්ගේ හද මනස සැනසු දයා රාජපක්ෂ අසහාය චිත්‍රකතා ශිල්පියා දැන් අප අතැර ගොසිනි. එහෙත් ඔහුගේ නිර්මාණ කිසි දිනක අප හදවත් තුළින් නොමැකෙන බව සපථ කරමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ශෝකය පළ කර සිටී.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ශෝක පණිවුඩය පහතින් දැක්වේ.