ක්‍රීඩා සංචාරක කර්මාන්තයට මුවාවී කමාන්ඩෝ රෙජිමෙන්තුව යළිත් පරිසරය බිල්ලට දෙයි.

Published in පුවත්
Wednesday, 29 July 2015 11:41

ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යෙ හා පාරිසරික පද්ධතීන් කෙළි බඩු ලෙසට තකන ධනවත් මුග්ධයන් කිහිපදෙනකුගේ ආශීර්වාදය ඇතිව යුධ හමුදා කමාන්ඩෝ බලකාය විසින් පවත්වාගෙන යනු ලබන සිව්බල මෝටර් රථ Four wheel vehicle සමාජය විසින් මේවනවිට ශ්‍රී ලංකාවේ වන බිම් විනාශ කිරීමේ ව්‍යසනකාරී ව්‍යාපෘතියට දෙවන වරටත් අත ගසා ඇත.

එලඹෙන අගෝස්තු 2-7 දින වලදී පැවැත්වීමට නියමිත කමාන්ඩෝ 44 ක්‍රියාන්විතය කි.මී 775ක දුරකින් යුතු පේදුරු තුඩුවේ සිට ඌව කුඩා ඔය ප්‍රදේශය දක්වා සිදු කිරීමට නියමිතය. මෙම Four wheel vehicle ගවේෂණ මාර්ගය නැගෙනහිර වෙරළ කලාපයේ ඉතා අනගි මට්ටමේ වෙරළ තීරයන් කලපු, කැලෑ හා කඳු අතරින් වැටී තිබෙන අතර මෙම ක්‍රියාවලිය නිසා ශ්‍රී ලංකාවේ මිනිසා විසින් පරිසරයට එරෙහිව එතෙක් මෙතෙක් සිදුකරන ලද වැඩිම හානිදායක ක්‍රියාවන්ගෙන් එකක් බවට මෙය පත්වී ඇත.

එමෙන්ම පසුගිය වසර තුල මෙවැනි ධාවන තරගයක් පැවැත්වූ අතර එහිදී පරිසරයට දැවැන්ත හානියක් සිදු විය, ඇතැමි යුද හමුදා නිළධාරින් පවා මෙය දැවන්ත හානියක් සිදු කල ධාවන තරගයක් ලෙස හඳුනාගන ඇති අතර නිලධාරීන් කිහිප දෙනෙකුගේ උවමනාව මත මෙය සිදුවේ.

ක්‍රීඩා සංචාරක කර්මාන්තය යන නමට මුවාවී පරිසරයට හානි කිරීම මෑතක සිට ශ්‍රී ලංකාවේ අලුත්ම සම්ප්‍රදාය බවට පත් වී ඇත. කෙටි කාලීන ආර්ථික වාසි ඉල්ලක්ක කොට ගෙන සිදු කරන්නා වූ මේ විශාල පරිසර විනාශය පිලිබඳව සෑම ශ්‍රී ලාංකිකයකුම දැනුවත් විය යුතුය. මෙවැනි ක්‍රියාවන්ගෙන් රටට හිමිවන සොච්චම් ලාභය එමගින් විනාශ කරනු ලබන පාරිසරික සම්පත් වල වටිනාකම හා එම නිසා අනාගතයේ දී අපට ගෙවීමට සිදුවන වන්දි මුදල් හා සැසඳූ කල්හි අල්ප මාත්‍රිකය.

පුදුමයට කරුණ නම් කමාන්ඩෝ භටයින් විසින් මෙම ක්‍රියාන්විතය සිදු කිරීමට පරිසර අධිකාරියෙන් අවසරය ලබාගෙන තිබීමයි. මෙම ඉසව්වේ මාධ්‍ය නිවේදනයට අනුව පැහැදිලිව දක්වා ඇත්තේ මෙය මානල්කඩු වැලි පර අතරින් ගොස් කොක්කුතුඩුවායි, චලෙයි හා දෙහිවත්ත කලපු තරණය කරමින් තොප්පිගලට ලඟාවන විනෝදකාමී සවාරියක් බවයි. තොප්පිගල තරණය කොට නැගෙනහිර පලාතේ කැලෑබිම් අතරින් ධාවනය කොට අරුගම්බේ වෙරල තීරය පසුකොට ඌව කුඩා ඔය කමාන්ඩෝ පුහුණු මධ්‍යස්ථානයට පැමිනීමෙන් මෙම ඉසව්ව කෙලවර වේ.

මෙම ඉසව්ව හේතුවෙන් පරිසරයට සිදුවන සත්‍ය බලපෑම කුමක් ද යන්න පිලිබඳව පරිසර බලධාරීන් සලකා බලා නැත. එම නිසා ජනතා විරෝධය නොතකා පසුගිය වසරේද මෙම අමන ක‍්‍රියාව සිදුකරන ලදී. 50කට අධික අධිබල ජීප් රථ ප්‍රමාණයක් මෙම වනබිම් හා වෙරල තීර ඔස්සේ ධාවන කල විනාශ වන පරිසරය නැවත යථා තත්වයට පත්වීමට කෙතරම් කලක් ගෙතවේද? මෙම රථ පෙලපාලිය කලපු තරණය කල පසු එහි මසුන් ප්‍රමුඛ ජලජ ජීවි පද්ධතියට අත්වන ඉරණම කුමක් ද, මෙම වාහන වලින් නිකුත් වලින් නිකුත් වන දුම හා ග්‍රීස් තෙල් වලින් නැගෙනහිර නොයිඳුල් වනබිම් වලට සිදුවන බලපෑම කෙසේ වනු ඇද්ද යන්න වග කිසිදු සැලකිල්ලක් නොදක්වා මේ සියල්ල සිදුකිරීමට නියමිතය.

මීට පෙර මෙවැනි ඉසව්වක් පොතුවිල් හා අරුගම්බේ ප්‍රදේශවල සිදුකිරීමට උත්සාහ කලත් ප්‍රදේශවාසී ධීවර ජනතාවගේ දැඩි විරෝධය හේතුවෙන් එය අවලංගු කිරීමට සිදු විය. නමුත් එය මහා පරිමානයෙන් නැවතත් මතු වී තිබේ.

මෙවැනි තරග පැවැත්වීම අවශ්‍යම නම් මීට පෙර සකස් කර තිබෙන මාර්ග වල මේවා පැවැත්වීමෙහි වරදක් නොමැත. එනමුත් කිහිප දෙනකුගේ ප්‍රීතිය සඳහා කමාන්ඩො රෙජිමේන්තුව විසින් පරිසරය බිල්ලට දීම කිසිසේත්ම අනුමත කල නොහැක්කකි.

මෙවැනි සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘති වලින් දිවයිනේ සීමා සහිත පාරිසරික පද්ධතීන්වලට සිදුවන හානිය මිලිබඳව පැහැදිලි දීප ව්‍යාප්ත ප්‍රතිපත්තියක අවශ්‍යතාව මේවන විට දැඩිව පැන නැගී ඇත. මධ්‍යම පරිසර අධිකාරිය හා අනෙකුත් බලධරයින් විසින් මුදලටල දේශපාලන හෝ හමුදා බලයට යට නොවී සිය ප්‍රතිපත්තීන් ආරක්ෂා කිරීමට කටයුතු කල යුතුය. එමෙන්ම කමාන්ඩො රෙජිමේන්තුව පරිසරය ගැන නොසලකා අත්තනෝමතික ලෙස මෙම ක‍්‍රියාව දෙවන වරටත් සිදු කිරීම ලැජ්ජා සහත ක‍්‍රීයාවලිකි. එය ජාතිය ගොඩ නැගීම කේසේ වෙතත් සියළු සත්ව හා ශාක සන්හතියට කරන දැවැන්ත අපරාධයකි.

රවීන්ද්‍ර කාරියවසම්

ස්වභාදහම් හා පරිසර අධ්‍යන මධ්‍යස්ථානය

Last modified on Wednesday, 29 July 2015 11:43

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us