මනාලියන් නොමැතිව වේලෙන ඉන්දියානු මනාලයන්

Published in අනං මනං
Wednesday, 22 April 2015 15:08

ඉන්දියාවේ විවාහපෙක්ෂිතව පසුවන පිරිමි ජනගහනය කාන්තාවන්ට සාපේක්ෂව ඉහල ගොස් ඇති බව පැවසේ. මේ වනවිට ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්‍ ප්‍රාන්තයේ  ලක්ෂ 59ක් පමණ පිරිමි ප්‍රමාණයකට මනාලියන් නොමැතිව තනිකඩව විසීමට සිදුව තිබේ.

මේ නිසා බොහෝ ඉන්දියානු පිරිමින්ට ජීවිත කාලය පුරාම අවිවාහකව දිවි ගෙවීමට සිදුව ඇති බව නවතම ඉන්දියානු  සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. මෙම ප්‍රදේශයේ වයස අවුරුදු 20 සම්පුර්ණ කළ අවිවාහක පිරිමි ලක්ෂ 79ක් පමණ වෙසෙන අතර එම වයසේ පසුවන අවිවාහක ගැහැණු ජනගහණය ලක්ෂ 29ක් බව එම වාර්තා පෙන්වා දෙයි.

 මෙම තත්ත්වය 2021 වනවිට තවත් ඉහල යනු ඇතැයි පැවසේ.  

මේ සඳහා බලපා ඇති ප්‍රධානම හේතුව වන්නේ 70 දශකයේ සිට  90 දශකය දක්වා  ක්‍රියාත්මක ගැහණු කළල ගබ්සා කිරීම බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ. මීට අමතරව කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළයාමද මේ සඳහා බලපා ඇත.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us