රනිල් ආපු හැටියෙම පත්තු කළ ගින්න. Featured

Wednesday, 23 June 2021 14:29

රනිල් වික්‍රමසිංහගේ නව පාර්ලිමේන්තු ආගමනය ගැන පසුගිය දින කිහිපයේ බොහෝ දෙනා විවිධ දේශපාලනික පැතිකඩවලින් කතාබහ කර තිබිණි.

කොහොම වුණත් ඔහුගේ පැමිණීම ශ්‍රි ලාංකේය දේශපාලනයේ මොකක් හෝ බරපතල යමකට තුඩු දෙන්නක් විය හැකි බව ඒ බොහෝ දෙනා සැක මතු කර තිබිණි. රනිල්ගේ දේශපාලන භාවිතාව ගැන ඇති අතීත අත්දැකීම සහ ඔහු ඉදිරියේදී කරන්න යන්නෙ කුමක්ද යන ගැන කිසිවකුට පූර්ව විනිශ්චයන් දීමේ නොහැකියාව මත රනිල් මේ මොහොතේ පෙනී සිටින්නෙ කුමක් වෙනුවෙන්ද කියන කාරණය ගැන කුහුලක් ඇතිවීම වැලැක්විය නොහැක.

රනිල් දේශපාලන බලය අත්පත්කරගැනීම යැයි සැලකුවේ ජනාධිපතිධුරය ලබා ගැනීම අගමැතිධුරය ලබාගැනීම, පාර්ලිමේන්තුවේ බහුතරය හෝ විපක්ෂයේ බහුතරයක් හෝ ලබාගැනීම නොවේ. ඒ බලය ඔහුගේ දේශපාලනයට අත්‍යාවශ්‍යම සාධක නොවේ. ඔහුට අවශ්‍ය වූයේ ඔහු පිළිගන්නා දේශපාලන ප්‍රතිපත්තීන් ජයග්‍රාහී තැන තබාගැනීමය. එය ඔහුගේ එජාපය තුළින් බැරිනම් ඒ මොහොතේ බලයේ සිටින පක්ෂ හෝ පක්ෂ එකමුතුවක් ලවා හෝ කරවාගැනීම ඔහුගේ අභිප්‍රාය වූවාට සැක නැත.

අද දින ඔහු පාර්ලිමේන්තුව හමුවේ කරනු ලැබු තරමක් සැර කතාව ද පදනම්වන්නෙ ඒ මතය. ඔහු ආණ්ඩුව හුදු විවේචයකට ලක් කරනවාට වඩා විය යුතු දේ වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු යෝජනාවක් ගෙන ආවේ ආණ්ඩුවේ බලය ශක්තිමත් කිරීම ගැන මිස ආණ්ඩුව දුර්වල කිරීමට නොවේ. එය වෙනත් අතකින් බරපතල දේශපාලනික ප්‍රහාරයක් වීම ද ඒ තුළ වන නමුත් ඔහු මූලිකව පෙනී සිටියේ ආණ්ඩුවේ ශක්තිමත් භාවය වෙනුවෙනි.

කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් මේ වන විට ක්‍රියාත්මක වැඩ පිළිවෙලෙහි අසාර්ථකත්වය මතු කරමින් ඔහු පෙන්වා දෙන්නෙ ආණ්ඩුවට ජනතාව විසින් ලබා දී තිබෙන ජනවරම පාවිච්චි නොකිරීමේ අඩුපාඩුව ගැනය. පාර්ලිමේන්තුව සතු බලය, කැබිනට් මණ්ඩලය සතු බලය අත්හැර ආණ්ඩු පක්ෂය ජනවරම රාජ්‍ය නිලධාරීන් (එයත් මිලිටරි නිලධාරීන්) කරමත තැබීම වත්මන් අසාර්ථකත්වයට හේතුව බවට ඔහු සෘජුවම පවසා සිටීම ගැන යම් වාදයක් තිබිය හැකි නමුත් කැබිනට් මණ්ඩලය සතු බලය තමන් අත්හැර ඇති බවට කරන චෝදනාව අගමැතිවරයාට හෝ ආණ්ඩු පක්ෂයට ප්‍රතික්ෂේප කිරීමට නොහැකි තරම් ශක්තිමත් තර්කයක් ඇති කතාවක් බවට සැකයක් නැත.

රනිල් නමක් ගමක් හෝ කිසිම හැඟවීමක් නොකර මේ තත්වය ඇතිවීම කෙරෙහි ඔහු ගේ විවේචනයේ කේන්ද්‍රය වන්නේ ජනාධිපතිවරයා සිය බලය භාවිතාවේ යෙදවීමේ ආකාරය කෙරෙහිය. ජනාධිපතිවරයා තමන්ට හිමි බලතල හෝ ඊටත් එහා බලතල අත්පත් කරගෙන අද කොරෝනා මර්දනය පමණක් නොව රටේ ආර්ථිකය හසුරුවා ලීමේ විධායක තලයේ බලතල ජනාධිපති කාර්යසාධක බලකායන් යටතට පත් කිරීම මෙම අසාර්තකත්වයට හේතුව බව රනිල්ගේ මෙහිදි ඇඟට පතට නොදැනී මතු කරන බරපතලම චෝදනාවය.

මේ අනුව අනෙක් පසින් රනිල්ගේ කතාව යනු ජනධිපතිවරයා සහ අගමැති ප්‍රමුඛ ආණ්ඩුව අතර ගැ‍ටුමක් ඇති වන තැනට දේශපාලනික බොම්බයක් ඇටවීමය. විනාඩි කිහිපයක් තුළ ඔහු මෙය සිදුකළේ අගමැතිවරයා ඇතුලු සමස්ත පාර්ලිමේන්තුවම නිහඬව ඔහුගේ කතාවට ඇහුම්කම් දෙමින් සිටියදීය. කිසිවකුත් ඔහුට බාධා කළේද නැත. වත්මන් පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව පාලක දේශපාලන යාන්ත්‍රයට එරෙහිව එල්ල කළ බරපතලම ප්‍රහාරය මෙම කතාව බව කීවාට අතිශයෝක්තියක් නොවේ. ඒ අනුව රනිල්ගේ දේශපාලනික පරිණතකම උපක්‍රමශීලීභාවය සහ දේශපාලනික බව ඔහු මේ විනාඩි කිහිපයේදී පෙන්වා තිබේ.

කොහොම නමුත් රනිල් මතු කරනු ලැබූ කාරණය ගැන ආණ්ඩුවටත් අනෙක් විපක්ෂ කණ්ඩායම්වලටත් හිතන්න වාද කරන්න බොහෝ දේ ඇත. ජනාධිපතිවරයා සහ අගමැති ප්‍රමුඛ අණ්ඩුවට යළි තමන් කරමින් සිටින දේ ගැන ගැඹුරින් කල්පනා කරන්නට සිදුවෙනු ඇත. මෙය හරියට අඬන්න සිටින එකාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වැනි වැඩකි. කොහොම නමුත් රටට වගකියන පාලක පක්ෂයකට දැන් රනිල් මඟහැර යා නොහැකිය.

විපක්ෂයට තමන් මෙතෙක් කරපු කියපු දේවල් ගැනත් අඩුම තරමින් දේශපාලනය යනු කුමක්දැයි හෝ කල්පනා කිරීමට හෝ දැන් අවස්ථාවක් ඇත. යළි බලය අත්පත් කරගැනීමට දේශපාලනික උපක්‍රමික මාර්ග තෝරන්නෙ කෙසේදැයි රනිල් අද ලබාදුන් නිදර්ශනය ගැන ඔවුන්ට සිතන්නට සිදුවේ. කොටින්ම රනිල්ගෙන් ඉගෙන ගන්නට තව බොහෝ දේ ඇති බව සියලු විපක්ෂ කණ්ඩායම්වලට තිබෙන බව රනිල් ටොක්කක් ඇණ පෙන්වා දී ඇත.

රනිල් පවසන දේ බාරගැනීම හෝ නොගැනීම ආණ්ඩුවත් විපක්ෂයත් සිදු කළද නොකළද ඔහු පෙන්වා දුන් ඇත්ත වෙනස් නොවනු ඇත.

- සුජය

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us