ජනතා අපේක්ෂා මුදුන් පත්කිරීම වෙනුවෙන් ජනපති ගත් තීන්දුව හරි !

Friday, 04 March 2022 19:29

පුද්ගලයකු ලෙස කොතරම් දක්ෂ හෝ කුසලතා සහිත වූවද අන් අයගේ සහයෝගය නැතිව සාර්ථක වීමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය වසරේ දෙසැම්බර් 19 දින දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ පැවැති 96 වැනි විසිර යාමේ පෙළපාළිය පිළිගනිමින් පැවසීය.

සරල කාර්ය කෙරෙහි වූවද දැඩි සැලකිල්ලක් දැක්වීම සහ සාමූහිකව වැඩ කිරීමේ හැකියාව පෝෂණය කිරීම හමුදාවේ ලක්ෂණයක් බව පැවැසූ ජනාධිපතිවරයා නායකයකු ලෙස ගමන ආරම්භ කරන විට ඔබ යටතේ සිටින සොල්දාදුවන්, සාමාන්‍ය මිනිසුන් මිස සුපිරි මිනිසුන් නොවන බව වටහා ගත යුතු බව කීවේය. එවැනි සාමාන්‍ය මිනිසුන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන ආකාරයෙන් ක්‍රියා කිරීම නායකයකුගේ වගකීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එකවර පැන නඟින පසුබෑම්, බාධක සහ දුෂ්කරතා මධ්‍යයේ වූවද මිනිසුන්ට කරන තම මෙහෙවර කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද පැවසීය.

මෙම ප්‍රකාශය යුද හමුදා නිලධාරීන් පිරිසක් හමුවේ කළ ප්‍රකාශයක් වූවද රටක් පාලනය කිරීමේදී රාජ්‍ය නායකයා වුව මුහුණ දෙන දරුණු අභියෝගයක් වන්නේ සෙසු පිරිසේ සහයෝගය නොමැතිව රටක් පාලනය කිරීමය. රාජ්‍ය නායකයා කෙතරම් නිවැරදි දැක්මක් ප්‍රතිපත්තියක් වැඩ පිළිවෙලක් සහිතව රාජ්‍ය පාලනය පෙරට ගත්තද තමන්ගේ පාලක පක්ෂයේ, රාජ්‍ය යාන්ත්‍රණයේ, රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය, කැපවීම, උනන්දුව නොමැතිව රටක් නිවැරදි දිසාවට තල්ලු කරමින් රටේ සංවර්ධනය කරා ගෙන යෑම සිදු කිරීම කළ නොහැක. ඇතැමුන් මේ රට පාලනය කිරීමට රාජ්‍ය නායකයා ඒකාධිපතියකු ලෙස කටයුතු කළ යුතු බව නිරන්තරයෙන් පෙන්වා දෙයි. වත්මන් ජනාධිපතිවරයාගෙන්ද එවැනි හැසිරීමක් බලාපොරොත්තු වන බව නිතර කියමින් සිටී. එහෙත් ලෝක ඉතිහාසයේ අත්දැකීම අනුවත් කිව හැක්කෙ එලෙස ඒකාධිපති හැසිරීමකින් රටක් ගොඩනැගිය නොහැකි බවය. යමක් කළ හැකිය. එහෙත් ඒවා තාවකාලික චූන් වනවා මිස කල් පවතින්නෙ නැත. අවසානයේ රටත් විනාශ වී ,ඒකාධිපතියාත් ඒ සනුහරේමත් විනාශ වී යෑම පමණක් සිදුවෙයි.

මේ කතාව නැවත කියන්න සිදුවූයේ ඊයේ දිනයේදී ජනාධිපතිවරයා ගත් කොන්ද පණ තියෙන නායකත්වයේ තීන්දුව ගැන කියන්නය. වත්මන් පාලනය බිහිකරන්න දැඩි වෙහෙසක් ගත් විමල් වීරවංශ උදය ගම්මන්පිළ ඇමැතිධුරවලන් ඔහු නෙරපා හැරියේය. මේ හදිසි තීන්දුවක් නොවේ. මේ දේ වෙන්නට ඉඩ නොතබන ලෙස ජනාධිපතිනරයා කලින් කළ අනතුරු හැඟවීම් කිහිපයක්ම තිබිණි. විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයේ සාමුහිකත්වය එහි තීන්දුවලට එකඟව කටයුතු කළ යුතු බව ඔහු දැඩිව අවධාරණ කර තිබිණි. සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයාව ඇමැතිධුරයෙන් නෙරපමින් තමන් කවුද යන්න ගැන ආදර්ශයක්ද කලින් දී තිබිණි. එහෙත් ඒ නොතකා තමන්ගේ පටු අභිමතාර්ථයන් වෙනුවෙන් වීරවංශලා දිගටම කටයුතු කිරීමේ වැරැද්දට සාධාරණ පිළිතුර ජනාධිපතිවරයා ලබා දී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නිතරම පවසන්නේ සෑම දෙයකටම නිවැරදි ක්‍රමවේදන් නැතිනම් සිස්ටම් සකස් කළ යුතු බවය. පැහැදිලි ප්‍රතිපත්ති මත නිවැරදි කාර්යක්ෂම ක්‍රමවේදයන් පවතින විට ඒකාධිපතියෙකුගේ දරදඬු නියොගයක් තබා අමුතු පාලනයක්ද අවශ්‍ය නොවේ. වැඩේ නියමිත පරිදි නිවැරදිව සිදු වෙයි. ඒ අනුව ජනාධිපතිවරයා සියල්ල සුමටව සෙමින් පිළිවෙලකට රාජ්‍ය පාලනය මෙහෙය වමින් තිබිණි. එහෙත් ආණ්ඩුව ගන්න තීන්දු තීරණ නිවැරදිව ක්‍රියාත්මක නොවීමත් වගකිවයුතු පිරිසේ සහයෝගය ඊට නොලැබීමත් නැතිනම් ඒ සිතාමතාම කඩාකප්පල් කිරීමේ දේශපාලනික තක්කඩිකම් ක්‍රියාත්මක වෙමින් පැවැතිණි.

මේ තත්වයන් වෙනස් කිරීම විය යුතුය. ඒ වෙනස් කිරීමට නම් දැඩි ප්‍රතිපත්තියක කටයුතු කළ යුතුය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ මොහොතේත් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව සංයමයෙන් නමුත් සෘජුව පෙනී සිටින්නේ මේ යහපත් වෙනස්කම වෙනුවෙනි. ඔහු අවංකය. විශ්වාසනීයය. ඔහුට පෞද්ගලික ජයග්‍රහණයන් ඇත්තේ නැත. ඒ නිසා ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කිරීමට ඔහු මැලි නොවේ. ' පුද්ගලයකු ලෙස කොතරම් දක්ෂ හෝ කුසලතා සහිත වූවද අන් අයගේ සහයෝගය නැතිව සාර්ථක වීමට නොහැකි බව..' ඔහු වෙලාසනම පවසා සිටියේ ඒ නිසාය.

කොහෝම නමුත් රටට අවංක විශ්වාසනීය නායකත්වයක් ලැබී තිබෙන මොහොතක ඒ සමඟ එකඟ වී, සහයෝගයෙන් වැඩ කිරීමට මෙරට පාලක පක්ෂයට, රාජ්‍ය නිලධාරීන්ට සහ ජනතාවට නොහැකි වන්නේ නම් ඒ ඔහුගේ වරදක් නොවේ. එය රටේ කරුමයකි.

මීළඟට බැසිල් රාජපක්ෂට එරෙහිව ඇඟිල්ල දිගු කරන වීරවංශලා කියන්න හදන්නේ කුමක්ද? ඊට පිළිගත හැකි පදනමක් තිබේද?

බැසිල් රාජපක්ෂ යනු, 2005 වසරේ මහින්ද රාජපක්ෂට රට භාර කළ මෙහෙයුමේ මහ මොළකරුවාය. යුද්ධයෙන් පසුවත් රට ගොඩනගන මහා සංවර්ධන මෙහෙයුමේ නියමුවා වූණේ ඔහුය. අවාසනාවකට 2015 දී මහින්ද රාජපක්ෂ පාලනය අවසන් වූවත් යළි බලය අත්පත්කර ගන්නා බව සපතකර 2019 එය සිදුකර පෙන්වූ දේශපාලනික මහ මොළකරුවාත් ඔහුය.

රටම එක මිටට සංවිධානය කළ දේශපාලන සැලසුම්කරුවා ඔහුයි. ඔහු දාම් ලෑල්ලේ ඉත්තන් එහෙ මෙහෙ කරනවා සේ ජයග්‍රහණය දක්වා සියල්ල අවශ්‍ය ලෙස ස්ථාන ගත කළේය.

මේ නිසා අද රටම බුක්ති විඳින ජයග්‍රහණයේ නියමු මෙහෙවරක් කළ මේ අසාමාන්‍ය ක්‍රියාකාරිත්වය හමුවේ විමල්ලාට හැරෙන්නවත් බැරිවිය.

කොටින්ම මේ තණතිල්ල තැනුවේ ඔහුයි. එහි පන්දුව හැසිරෙන්නෙ කොහොමද කියා හොඳටම දන්නේත් ඔහුය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, 'සෞභාග්‍යයේ දැක්ම' මඟින් ඉදිරිපත්කර තිබෙන තිරසාර සංවර්ධන වැඩපිළිවෙළ මේ මහපොළවේ යථාර්ථයක් කිරීමේ සක්‍රීය මෙහෙයුම් වගකීමට, උරදිය යුතු සුදුස්සා ද ඔහුය..

ඉතිං විපක්ෂයත් වැඩ බැරි දාසලා වෙච්ච විමල්ලා උදයලා බයෙන් සලිත වී බුරන්න ගත්තේ තමන්ව කැපී කොන්වීම දරාගත නොහැකිව මිසක් වෙන දෙයකට නොවේ.

ඒත් ඔවුන්ගේ නන්දෙඩවීම් අපි කාටවත් වැඩකට ඇති දේවල් නොවෙයි කියන එක අද රටම පිළිගන්නා සත්‍යයක්. ඒ ගැන අමුතුවෙන් කිව යුතු නැත. මේ නිසා සාමූහිකව වැඩ කිරීමේ හැකියාව නැතිනම් ආණ්ඩුවේ කටයුතු කඩාකප්පල් කිරීම සඳහා වීරවංශලා දිගින් දිගටම කටයුතු කළා නම් ඒ කවුද කින්ද මන්ද නොසලකා වුන්ව ඉවත් කිරීම, 69 ලක්ෂයක්ගේ අපේක්ෂා මුදුන් පත් කිරීම වෙනුවෙන් ගත් නිවැරදි තීන්දුවකි.

- the novemberist

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us