Online පනත සරල බහුතරයකින් සම්මත කළ හැකියි - ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි ! Featured

Wednesday, 08 November 2023 11:50

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය නමැති පනත් කෙටුම්පතේ වගන්ති 31ක් පිළිබඳ ලබා දී ඇති සංශෝධනයන්ට යටත්ව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එමෙන්ම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව අභියෝගයට ලක් කරන ලද මෙම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ඊයේ (07දා) පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් නියෝජ්‍ය කථානායකවරයා මේ බව සඳහන් කළේය.

මොකක්ද මේ online පනත් කෙටුම්පත
---------------------------------------------------

අන්තර්ජාලය හරහා සිදු කරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය හා ද්වේශ සහගත හැසිරවීම් මඟින් සිදු වන හානිවලින් පොදු සමාජය ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබු කෙටුම්පත'' මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත'' ලෙස හැදින්වේ.

එම පනත් කෙටුම්පතේ III කොටසේ දැක්වෙන පරිදි පහත සඳහන් ක්‍රියාවන් මෙම පනතේ විධිවිධාන මඟින් වැරදි වශයෙන් අර්ථ නිරූපණය කර ඇත:

* ශ්‍රී ලංකාව තුළ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම

* අපහාසයට හේතු වන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම

* අසත්‍ය ප්‍රකාශයක් මඟින් කැරැලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම

* අසත්‍ය ප්‍රකාශයක් මඟින් ආගමික රැස්වීමකට බාධා කිරීම

* ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම

* ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍රා කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශ සහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම

* වංචා කිරීම

* අනෙකකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම

* සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන් ම අසත්‍ය ප්‍රකාශයක් මඟින් චේතාන්විතව ම නින්දා කිරීම

* කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදු කිරීමට සැලස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම

* හිරිහැර සිදු කිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම

* ළමා අපයෝජනය

* වරදක් සිදු කිරීම සඳහා බොට් (bot) සෑදීම හෝ වෙනස් කිරීම

මෙම පනත ගෙන ඒමට පාදක වූ ප්‍රධාන හේතුව
------------------------------------------------------

මේ පනත ගෙන ඒමට පාදක වුණ කාරණය විදිහට දක්වන්නේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, ලංකාව තුල ඩිජිටල් අවකාශයේ සැරිසරන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම කියන නිමිත්ත දැක්විය හැකිය.

මෙම පනත පිළිබදව විද්වතුන්ගේ අදහස් මොනවද ?
-------------------------------------------------------------------

මේ වන විට සමාජය තුළ විශාල විවාදයක් නිර්මාණය වී තිබෙන "මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ බොහෝ පාර්ශවයන් පසුගිය කාලය තුල අදහස් දක්වා තිබුණේ එය පුද්ගලයන්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතියට බාධා පමුණුවන පනතක් බවටය.
සැප්තැම්බර් 15 ගැසට් පත්‍රයේ පළ කර තිබු මෙම පනත් කෙටුම්පත ඔක්තෝබර් 3 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂනායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ,

"මේක ආණ්ඩුව, රජය හා ජනාධිපතිවරයා ආරක්ෂා කරන්න ගෙන ආ පනතක්," බවයි. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ එය, "ආඥාදායක හා ඒකාධිපති නීතියක් වන නිසා රජය වහාම පනත ඉල්ලා අස් කරගත යුතුයි," යනුවෙනි.

මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,

මෙම පනත් කෙටුම්පතට අදාල මූලික ලියවිලි සියල්ල යහපාලන අණ්ඩුව සමයේ සකස් කළ ඒවා බවයි. "2016 දි සකස් කළ මුල් පනත් කෙටුම්පත සංශෝධන පොඩි ප්‍රමාණයක් කරලා තමයි මේ පනත් කෙටුම්පත ගෙනාවේ. මේක යහපාලන කාලයේ ගෙන එන්න ආ පනතක්." යනුවෙනි.

මහාචාර්ය ජී. එල්. පීරිස් ප්‍රකාශ කළේ ,

මෙම පනතට එරෙහිව තමා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන බවටය. "මේ පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුරවැසියන්ට අයිතියක් තියෙනවා. මමත් යනවා. ඒකට දීලා තියෙන්නෙ සතියක කාලයක්. ඒක අසාධාරණයි." යනුවෙනි.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ ,

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පනත අවලංගු කරන ලෙස තීන්දුවක් ලබා දුනහොත් පනත ඉවත්කරගැනීමට වුවද බලාපොරොත්තු වන බවයි. "ශ්‍රේෂ්ඨාධිකරණය තමයි අවසන් තීන්දුව දෙන්නෙ. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් සියලුම වගන්ති ඉවත් කරන්න කියලා, අපි ඒවා ඉවත් කරනවා."

කෙසේවෙතත් මෙවන් පසුබිමක නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කර සිටියේ පනත් කෙටුම්පත වගන්ති 31ක් පිළිබඳ ලබා දී ඇති සංශෝධනයන්ට යටත්ව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බවටයි.

-P.M

 

 

 

Last modified on Wednesday, 08 November 2023 11:56

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us