දියණියේ නුඹ සෘජු කයින් හෙට යා යුතුය මල් මාවතේ..

Sunday, 12 June 2016 13:51

කලෙක ඇඟලුම් කම්හලක හිමිකරුවන් වූ ඒ දෙපළ, එදවස තෙමහල් නිවසක විසූ ඒ යුවළ අද අලුයම 2.00 ට අවදිවී කඩයප්පම් තම්බති. දියණියගේ කශේරුකාවේ ඇද හරින්නට මවක්‌ පියෙක්‌ එසේ වෙර දරති. ඉන්න හිටින්නට තිබූ තැන ඇතුළු සබ්බ සකලමනාවම දෛවය විසින් උදුරා ගනිද්දී, ඒ කිසිවකට උදුරාගත නොහැකිවූ දරු පෙම, එකම දිරිය කර ගනිමින් සිය දිරිය දියණිය සුවපත් කරගැනීම උදෙසා සෑම තත්පරයක්‌ම කැප කරති.

අපට ඔවුන්ව හමුවනුයේ අංක 117/2, සූරියපාළුව, කඩවත යන ලිපිනයේ පිහිටි, ඔවුන් කුලී නිවැසියන් ලෙසින් වෙසෙනා කඩ කාමරයේදීය. පුතෙක්‌, දියණියන් දෙදෙනෙක්‌ සමඟ සෙනවිරත්න බණ්‌ඩා මහතා සහ ඔහුගේ බිරිඳ වෙසෙනුයේ මෙහිය.

ඉතා යහපත් ආර්ථිකයක හිමිකරුවන් වූ සෙනවිරත්න මහතා සහ එම බිරිඳ, දරු තිදෙනෙකුගේ සුරතල් බලමින් ගෙවුණු එදවස අද ඔවුනට රැයෙහි දුටු සිහිනයක්‌ මෙනි. අතීත අකුසලයන් එක පිට එක ඔවුන්ගේ ජීවිත මත කඩාවැටෙමින් හරි හම්බකරගත් දෑ එකින් එක අහිමිව ගිය අයුරු රැයක දුටු නපුරු සිහිනයක්‌ මෙනි.

එදා 'ජනජය ගාමන්ට්‌ස්‌' නමින් ගමන්මලු නිපදවූ කර්මාන්තශාලාවක්‌ කළ ඔවුනට, ඒ කෝටාව අහිමිව යැමත් සමඟය මේ සියලු ව්‍යසන ඇරඹෙනුයේ. තමන් යටතේ සේවය කළ අයට වැඩ රහිතව මාස 3ක වැටුප් ගෙවීමට ඔවුනට සිදුවිය. ව්‍යාපාරයෙන් පාඩු ලබද්දී අයෙකුට වූ ණය ගෙවා දැමීමට නොහැකිවූ තැන එයට හිලව් වන්නට සිය තෙමහල් නිවස ඔහුට පවරා දරු තිදෙනා සමඟින් එළියට බැසීමට මේ දෙදෙනා කටයුතු කරන්නේ ගනුදෙනුවලදී ඔවුන් සතුවූ අවංකභාවය නිසාමය. ව්‍යාපාර බිඳ වැටී අසරණ වූ සෙනවිරත්න මහතා නිදහස්‌ වෙළෙඳ කලාපයේ රැකියාවකට යන්නේය. යතුරුපැදියෙන් එහි ගොසින් පැමිණෙන අතරතුර එයට සුනඛයෙකු ගැටීමෙන් ඇදවැටෙන සෙනවිරත්න මහතාගේ ජීවිතය ඉන් තවත් දැවැන්ත ප්‍රපාතයකට ඇද වැටෙන්නේ රැකියාව කරගත නොහැකි ලෙසින් අතකට හානි වීම නිසාය.

මිනිසුන්ට එක පිට එක කරදර එන හැටි....

එපමණද?

නැත.

'අම්මේ මගේ කකුලක්‌ කොටයි වගේ දැනෙනවා' යි නිතර කී මද්දුමී වන ඉසුරී එසේ පවසා ඇත්තේ ඇගේ කොඳු ඇටපෙළ ඇදවෙන රෝගයකට ලක්‌ව බව ඔවුන් දැනගන්නේ අනේකවිධ දුක්‌ඛ දෝමනස්‌සයන්ට ලක්‌වෙමින් සිටින අතරතුරය. බැරි අසරණකම් කොතෙක්‌ තිබුණද, සෙනවිරත්න මහතා සහ බිරිඳ අනෙක්‌ සියලු දේ අතහැර දියණිය සුවපත් කරගැනීම පිණිස මේ වන විට අඛණ්‌ඩව තෙවසරක්‌ වෙහෙසෙති. මේ කරදර මැද සිය ඉදිරි අධ්‍යාපනය අතහැර දැමූ ඉසුරිගේ අයියා, සුළු රැකියාවක්‌ කරමින් පවුල වෙනුවෙන් මහා කැපකිරීමක්‌ කරමින් සිටියි. දිවයිනේ සෑම දෙසම දිවයමින් බටහිර වෙදකමද, දේශීය වෙදකම්ද රැසක්‌ කළ ඔවුනට ඒවායෙන් ප්‍රතිඵලයක්‌ නොවූ තැන අවසානයේ ඉතිරිවන්නේ විසඳුම් දෙකකි. එකක්‌ නම් ඇමරිකානු ඩොලර් 20,000 ක්‌ හෙවත් මෙරට මුදලින් රුපියල් ලක්‍ෂ 35 ක්‌ පමණ වියදම් කර සිදුකළ යුතු සැත්කමකි. නැතහොත් දවසකට රුපියල් 2500 බැගින් පුරා වසර 2 ක කාලයක්‌ අඛණ්‌ඩව සිදුකළ යුතු ආයුර්වේදික ප්‍රතිකර්මයකි. අවසානයේ ඔවුන් තෝරාගන්නේ මේ දෙක අතුරින් ටිකක්‌ හෝ දරාගැනීමට හැකි යෑයි සිතෙන එම ආයුර්වේදික ප්‍රතිකර්මයයි.

එය පටන් ගෙන මාස 4 ක කාලයක්‌ තුළ පැහැදිලි සුවයක්‌ මේ දියණිය ලබා සිටින්නීය. මේ අසරණ අම්මා, තාත්තා, අයියා, නැගණිය සිය දියණිය, සහෝදරිය වෙනුවෙන් මහත් බලාපොරොත්තු තබා සිටිති. මේ සා දුක්‌ කන්දරාවක්‌ මැද වුවත් කිරිල්ලවල මධ්‍ය විද්‍යාලයෙන් ඉතා උසස්‌ ලෙස සාමාන්‍ය පෙළ සමත්ව සපුගස්‌කන්ද විශාඛා විද්‍යාලයේ උසස්‌ පෙළ හැදෑරීමට තරම් සුදුසුකම් ලබන ඇය, වියෑකී යමින් තිබූ විශ්වවිද්‍යාල අධ්‍යාපනයක්‌ ලැබීමේ සිය සිහිනයට යළි පණ දෙමින් සිටින්නීය.

අසරණවූ තමන්ට සරණක්‌ වෙමින් මේ දක්‌වා කාලයක්‌ අඛණ්‌ඩව එම ප්‍රතිකාරය කරගෙන යැමට නොයෙක්‌ අයුරිනුත් පිහිට වූ සිය පාසලට හා ගමේ උදවියට ඇය පින් පුදන්නීය.

මේ ප්‍රතිකර්මය තවත් වසර එකහමාරකට වැඩි කලක්‌ කළ යුත්තේය. කඩයප්පං විකුණා දිනකට රුපියල් 2500 ක්‌ ප්‍රතිකාර වෙනුවෙන් වෙන්කිරීම ඇයගේ දෙමාපියනට හිතළුවකි. මනුසත්බව පිරුණු මේ දිවයිනේ අපි 600 දෙනෙකු එකතුවී, එක්‌ අයකු එක්‌ දිනයක ප්‍රතිකාර වියදම (රු 2500) බැගින් පිරිනැමුවහොත්, ප්‍රතිකාරය සඳහා පමණක්‌ නොව අත්‍යවශ්‍ය අනෙකුත් වියදම්ද පියවා ගැනීමට ඇයට හැකිවන්නේය. කඩයප්පං ඉදෙන ළිපෙහි උණුසුමින් තැවෙමින් රුපියලක්‌ සරි කරගැනීම උදෙසා මහා වෙහෙසක්‌ දරන ඒ ආදරණීය දෙමාපියන්ගේ හිතේ ගිනි නිවාලන සිසිලසක්‌ ඉන් උපදිනු ඇත. සංවේදී ඔබට, සමාජ සත්කාරය හඳුනන ඔබ ආයතනයට ඒ වෙනුවෙන් කෙරෙන අහිංසක ආයාචනයයි මේ...

ඔබගේ ආධාර ලැබිය යුතු ගිණුම - 8670039023 (ඩී.ජී.එන්.කේ.එම්. සෙනවිරත්න බණ්‌ඩා, කොමර්ෂල් බැංකුව, කඩවත)

වැඩි විස්‌තර විමසිය හැකි අංකය - 0112973601

කරුණාකර මෙය අනෙකුත් අය අතරේ බෙදා හරින්න.

senewi 1

Last modified on Sunday, 12 June 2016 13:54

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us