යහපාලනේ.. හදිසි නීතියෙන්වත් වැඩක් ගනියිද බලමු Featured

Tuesday, 06 March 2018 22:43

මුස්ලිම් ජන කොටස් ප්‍රෝකොප කරවමින් සිංහල මහ ජාතිය යැයි කියා ගනිමින් සිටින සුළු පිරිසක් පසුගියදා තෙල්දෙණියේදී සිදුකළ මජර ක්‍රියාදාමය නිසා දැන් රට පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර ඇත.

හදිසි නීතිය සාමාන්‍යෙයන් පැන වෙන්නේ මහජනතාවගේ ආරක්ෂාව අවදානමට ලක්වීමේ තත්වයන් සමඟය. රටේ සමස්ත මහ ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් ලෙස සැලකෙන නිසා මෙවැනි නෛතිකමය පියවර ගැනීමට සිදුවේ. එහෙත් මෙරට අත්දැකීම නම් ජනතාව මර්දනයට හදිසි නීතිය යොදා ගැනීම ගැනය. හෙට දිනයේ සිට වාමාංශික කල්ලි කණ්ඩායම් හදිසි නීතියට එරෙහිව මාධ්‍ය නිවේදන, මාධ්‍ය හමු පවත්වා මේ ගැන වැඩිදුර අධ්‍යාපනයක් ලබා දීමට නියමිත නිසා ඒ ගැන වැඩිය මොකුත් කතා නොකරමු.

හදිසි නීතිය ක්‍රියාත්මක වීම රටක නිදහස් සාමකාමී සමාජයේ යහපැවැත්මට හොඳ දෙයක් නොවේ. හදිසි නීතිය යනු සමස්ථ රට වැසියා යම් තරමකින් හෝ පීඩාවට පත් කරන්නකි. පවතින නිදහස් සාමකාමී පරිසරය ගැන යළි සැක උපදවන්නකි. ආරක්ෂාව වෙනුවට අනාරක්ෂාව ගැන භීතිය උපදවන්නකි.

කොහොම නමුත් හදිසි නීතිය මෙරටට අලුත් අත් දැකීමක් නොවේ. දශක කිහිපයක්ම මේ රටේ හදිසි නීතිය අඛන්ඩව ක්‍රියාත්මක වෙමින් පැවැතිනි. නොවිය යුතු අයුක්ති සහගත බොහෝ දේ ඒ කාලයේදී සිදු විය. තමන්ගේ පෞද්ගලික සතුරන් පවා මර්දනය කිරීමට, ජීවිත නැති කිරීමට පොලිස් නිලධාරීන් මේ නීතිය යොදා ගත්තේය. එය ඉවත් කරන ලෙස ජනතාවගෙන් සිවිල් සංවිධාන වලින් ඇතැම් දේශපාලන පක්ෂ වලින් දැඩි ඉල්ලීම් ඉදිරිපත් වූයේ ඒ නිසාය. ඒ අනුව නීතිය බල රහිත කරනු ලැබීය.

අද යළිත් හදිසි නිතිය පැනවීමට තීරණය කරන්නේ සිංහල ජාතිවාදීන්ගේ කාලකණ්නි සහගත මෝඩ හැසිරීම නිසාය. මේ රට තමන්ට පමණක් හිමි බවට ගෝත්‍රික අදහසක සිටින මෝඩ සිංහල මිනිසුන් කිහිප දෙනෙකු නිසා අද සමස්ථ ජනතාවම තමන්ගේම රටේ අනාරක්ෂිත භාවයට පත්කර තිබේ. දැන් ඕනෑ වෙලාවක ඕනෑම කෙනෙකු පොලිස් පැහැර ගැනීමකට වුව ලක්වීමේ අවදානම තිබේ.

නොහික්මුණ මෝඩ මුස්ලිම් රස්තියාදුකාරයන් සිව් දෙනෙකුගේ හදිසි කෝපය නිසා හටගත් ගැ‍ටුමක් සිංහල ජාතිවාදීන් විසින් මුස්ලිම් විරෝධයක් බවට පත් කිරීම හුදු අහම්බෙන් සිදු වූවක් නොවේ. මෙය සංවිධානාත්මකව සිදුකළ ප්‍රහාරයක් බවට තොරතුරු හෙළිව තිබේ. ජාතිවාදී ආගම්වාදී සංවිධාන මෙය පිටුපස සිට මෙහෙයවා තිබේ.

සිංහල දෙමල මුස්ලිම් මිනිසුන් සහොදරත්වයේන් ජීවත් වූ ප්‍රදේශයකට ජාතිවාදී මෝඩයන් කඩා වැදී මේ සහෝදරයන් අතර ගැ‍ටුම් කාරිත්වයක් නිර්මාණය කළේය. ජීවිත හා දෙපොල විනාශ කළේය . ඒක කොහොම වුණත් මේ තුච්ඡ කඩා වැදීම වලක්වා ගැනීමට තරම් සමාජයත්, නීතිය හා සාමය පවත්වා ගැනීමේහි වගකිව යුතු පොලීසියත් අසමත් විය. ඇත්තටම පොලීසිය මේ ගැටුම් ඇවිලවීමට උදව් කළා යැයි නිවැරදි කතාවය.

දැන් මෙහි ඛේදනීය පලවිපාක දිහා ඇස් ඇරගෙන බලා සිටීමට රට වැසියාට සිදුව තිබේ..යහපාලන ආණ්ඩුව මේ සිදුවීමේ දී ද සෑහෙන පරක්කු විය. අස්සයා ගියාට පසුව ඉස්තාලය දැන් වසා තිබේ. ක්‍රියාත්මක වියයුතු වෙලාවේ පොලීසිය හෝ බුද්ධි අංශ නිද්‍රාශීලීය.

දැන් රට්ටු කට ඇරගෙන බලා සිටින්නේ යහපාලනය, හදිසි නීතිය සමඟ මොන වගේ ඩෙඟා නැටුමක් නටයිද කියාය.

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us