ග්‍රීසිය මුල්‍ය අර්බුදයක - සියලු බැංකු වසා දමයි

Published in විදෙස්
Monday, 29 June 2015 10:47

ග්‍රීසියට ලබා දෙන හදිසි ණය ප්‍රමාණය ඉහල දැමීම යුරෝපා මහ බැංකුව ප්‍රතික්‍ෂේප කිරීමත් සමඟ ග්‍රීසියේ සියලු බැංකු  සතිය පුරාම වසා තැබීමට  එරට රජය තීරණය කර තිබේ.

එයට හේතු වී ඇත්තේ  ආර්ථික අර්බුදය හේතුවෙන් ග්‍රීක බැංකුවල මුදල් හිඟ වීම සහ  තම තැන්පතු ආපසු ලබාගැනීමට පැමිණෙන ගනුදෙනුකරුවන්ට ලබාදීමට මුදල් නොමැති වීම බව වාර්තා වේ.

එසේම දිනකට මුදල්  ලබාගැනීම ඇමරිකානු ඩොලර් 66 ට සීමා කර තිබේ. මේ වනවිටත් ග්‍රීසියේ මුදල් ලබාගන්නා ටෙලර් යන්ත්‍ර අසල දිගු පෝලිම් දැක ගත හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අර්බුදය සම්බන්ධයෙන් ග්‍රීසියේ අගමැති ඇලෙක්සිස් සිප්රාස් ජූලි 05 දා ජනමත විචාරණයක්  කැඳවීමට තීරණය කර ඇත. එරට පාර්ලිමේන්තුවද  එම තීන්දුව අනුමත කර තිබේ.

දැනට පවතින තත්ත්වය හමුවේ ණය ගෙවීම පහර හැරීම හේතුවෙන් ග්‍රීසිය යුරෝපා සංගමයෙන් ඉවත් කිරීමේ අවදානමක් මතුව තිබේ.alexsis tsipras

Last modified on Monday, 29 June 2015 13:48

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us