පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්රමුඛ පොදුජන පෙරමුණේ දේශපාලන නායකයින් පසුගිය කාලයේ දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කරමින් දීමට එකඟත්වය පල කළ ඒවාද ප්‍රසිද්ධියට පත් කරන බව කියා සිටියේය.
සම්බන්ධන් පහතා සහ වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇතැයි යනුවෙන් ව්‍යාජ ගිවිසුමක් නිරමාණය කර සමාජ ජාලා වලට මුදාහැරීමට ද රාජපක්ෂ පාර්ශ්වය විසින් ඊයේ කටයුතු කර තිබිණි.
දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති වීමට දෙමළ ජාතික සන්ධානයේ සහය පළ කලේ කිසිදු ගිවිසුමකින් තොරව බවයි.
ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය ගත් පියවර හෑල්ලූවට ලක් කරමින් එක්සත් ජාතික පෙරමුණ සමඟ රහස් ගිවිසුම් ඇති බවට දිගින් දිගටම චෝදනා කිරීමට පටන් ගෙන ඇතැයි සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය.