රට ගැන හිතනවා නම්, කාබන් බද්ද විතරක් මදි. වාහන ධාවනයත් සීමා කළ යුතුයි. Featured

Published in පුවත්
Saturday, 12 January 2019 23:05

ශ්‍රී ලංකාවට වාහන ආනයනයේ දී බදු මුදල් වැඩි කිරීම සහ නිකුත් කරන කාබන් ප්‍රතිශතය අනුව බදු මුදලක් පැනවීම ගැන කුප්ප දේශපාලනික කාරණා මත කෑ ගහන ගොබ්බයන් පිරිසක් ඉන්න බව පෙනෙන්නට තිබේ.

ඒ අතරේදී වාහන ආනයන කරුවන්ගේ සංගමයක් ඩොලරයේ අගය ඉහළ යෑම නිසා වාහන ආනයනයේදී වැඩි මුදල් ගෙවීමට සිදු වීම නිසා තමන්ගේ කර්මාන්තය කඩා වැටී ඇති බවට මැසිවිලි නඟමින් තිබේ..ඩොලරයේ අගය ඉහළ යෑම අවම කර ගැනීම වෙනුවෙන් වාහන ආනයනට සීමා කළ යුතු බවට පසුගිය කාලයේ මංගල සමරවීර ඇමැතිවරයා විසින් පෙන්වා දුන් නමුත් විපක්ෂ කොටස් ඒ විවේචනය කරනුද දකින්නට ලැබිණි. ඒ එසේවූවත් ඔක්තොර්බර් 26 දා පිහිටුවනු ලබු හොර ආණ්ඩුවේ ඇමැතිවරුද එම යෝජනාවම ක්‍රියාත්මක කළ යුතු බව පවසා තිබිණි.

මෙරට මාර්ග පද්ධතිය අනුව නාගරිකව වාහන ප්‍රතිශතය අති විශාලය. නාගරිකව වාහන ගමන් කිරීමේ වේගය අතිශයින්ම පහල වේගයක් දක්වා පැමිණ තිබෙන අතර ඉදිරියේදි ඒ තවත් වැඩි වීමට නියමිතය. එසේම මේ වාහන ධාවනයෙන් පිට වන කාබන්ඩයොක්සයිඩ් වායුව හා වෙනත් අපද්‍රව්‍ය නිසා මේ වන විට කොළඹ නුවර ඇතුලුව ප්‍රදේශ ගනනාවක වායුව බරපතල ලෙස දූෂණයට ලක්ව තිබේ. අන්තර් ජාතික ප්‍රමිති කරණයන් අනුව එම ප්‍රදේශවල ජීවත් වීමත් විශාල සෞඛ්‍යමය අනතුරක් බව පෙන්වා දී ඇත. රජය වාහන භාවිතය සීමා කිරීම සඳහ පියවරයන් ගන්නෙ ඒ අනුවය.

එහෙත් මේ ඇත්ත අනතුර තේරුම් නොගෙන දේශපාලනික වාසි තකා කෑකෝ ගහන වුන් නිසා අවසානයේ අනතුරට පත් වන්නෙ මේරටේ සමස්ත ජනතාවම බව මුලින්ම ලියා තැබිය යුතුය.

ලෝකයේ අනෙක් රටවල් වාහන ගෙන්විම පාලනය කිරිමට පරිසර දූෂණය අවම කිරිම සදහා අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවාද කියා විමසා බැලීමේදී මේ අනතුර වැලැක්වීම සඳහා මේ රට තුල තවත් කළ යුතු බොහෝ දේ ඇති බව තේරුම් ගත හැකිය.

රටේ පවතින මහාමාර්ග, ප්‍රමාණය හා ජනගහනය මත රටක ධාවනය වන වාහන ප්‍රමාණය සිමා කිරිම බෝහෝ රටවල ක්‍රියාත්මක පිළිවෙතයි.

නිසි ක්‍රමවේදයක් නැති ලංකාව වැනී රටක වාහන ගෙන්වීම පාලනය කිරිමට සහ පරිසර දුෂණය වීම ගැන දැන් සිතන්නට පටන් අරගෙන තිබේ. එහෙත් යුරෝපය මෙම තත්වය පාලනය කරන්නේ වසර ගනනාවකට පෙර සිටය. වාහනයක් භාවිතා කරන අයකුට රක්ෂණ සදහා විශාල මුදලක් වැය වන අතර සෑම මාස 06කට හෝ වසරකට (මාස 12)කට වරක් එම රක්ෂණ කළ යුතුය. එමෙන්ම වසරකට වරක් වාහනයේ එන්ජින් ධාරිතාව අනුව බදු මුදලක් අනිවාර්යයෙන්ම වාහන හිමියා ගෙවිය යුතුය. ඒ අනුව සාමාන්‍ය පුද්ගලයකුට මාසික වැටුප අනුව වාහන දෙක තුනක් තබා ගැනීමට හැකියාවක් නොමැත.

ඒ වගේම පරිසර දූෂණය වීම වැලැක් වීම සදහා ඩිසල්,පෙට්ට්‍රල් ,ගැස්,ඉලෙක්ට්‍රික් වාහන ඛාණ්ඩ වශයෙන් වෙන් කර ඇත.එය (යුරෝ -01, යුරෝ -02, යුරෝ -03, යුරෝ -04, යුරෝ -05, යුරෝ -06) වශයෙන් ඛාණ්ඩ කිරිමක් කර ඇත.

එම ඛාණ්ඩ කිරිම අනුව පරිසර දූෂණ වැඩි ඛාණ්ඩ වලට අයත් වාහන ඇතැම් නගර වලට ඇතුළු වීමට මුදලක් අය කරයි. මේ වන විට ඉතාලියෙ බාවිතා කරනේ යුරො-04 ඛාණ්ඩයට අයත් වාහනයි.

එමෙන්ම සෑම ප්‍රදේශයකම මසකට දවසක් වාහන ගමනාගමනය නතර කිරිමට රජය නීතී රීති සකසා ඇත. එසේ සිදු කරන්නේ වාහන මගින් පරිසරයට පිට කරන අහිතකර වායු එක් දිනයකට හෝ සීමා කර පරිසර දූෂණය අවම කර ගැනීමටය.

මේ වන විට යුරෝ -01, යුරෝ -02, යුරෝ -03 ඛාණ්ඩ වලට අයත් වාහන සමහර නගර වල ධාවනය මාස 06කට තහනම් කර ඇත. ඒ අනුව මෙම ඛාණ්ඩ වලට අයත් වාහන හිමියන් ඉතා අසිරු තත්වයකට පත්ව ඇති නමුත් එම ජනතාව රජයට හො කිසිදු බලධාරීයකුට චොදනා නගන්නේ නැත. එයට හේතුව වන්නේ රජය එම ප්‍රත්පත්ති ක්‍රියාත්මක කරන්නේ පරිසර දූෂණය වීම අවම කිරිමට සහ පරිසර දූෂණය අවම ඉලෙක්ට්‍රික් වාහන භාවිතය සදහා ජනතාව හුරු කිරිමට බව එම ජනතාව දැනුවත් නිසා සහ එය තේරුම් ගැනිමට බුද්ධියක් ඇති නිසාය.

සමහරුන් ප්‍රශ්න කරන්නට පුලුවන් ඒ රටවල වාහන මිළ ගනන් අඩුයි කියා. ඔව් අඩුයි. එත් වාහනයක් නඩත්තු කිරිමට විශාල් මුදලක් වැය කළ යුතුය. වාහන රක්ෂණ මාස 06 කට වරක් හෝ මාස 12 කට වරක් කළ යුතුය. ඒ සදහා යුරෝ 300ක මුදලක් හෝ යුරෝ 500ක් අතර මුදලක් වැය කළ යුතුය. එමෙන්ම වසරකට සැරයක් වාහන හිමියා වාහනයේ වටිනාකම අනුව බදු මුදලක් රජයට ගෙවිම අනිවාර්යයෙන්ම කළ යුතුය.

තවද වාහන විශේෂ පරික්ෂාවකට ලක් කළ යුතුය. මෙම පරික්ෂාව අළුත් වාහනයක් (brand new) මුල්ම පරික්ෂාව වසර හතරකට පසු කිරිමට නීතියෙන් අවසර ඇත. වසර හතරකට වඩා බාවිතා කළ වාහන සෑම වසර දෙකක(02)ටම වරක් අනිවාර්යයෙන්ම මෙම පරික්ෂාව කළ යුතුය. එම පරික්ෂාව කිරිම සදහා රජයට යුරෝ -40ක වැනී මුදලක්ද ගෙවිය යුතුය. මෙම පරික්ෂණ මධ්‍යස්ථානය මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමග අනුබද්ධ අවසර ලත් ආයතනයකි. එසේම එම පරික්ෂණ අසමත් වාහන බාවිතා කිරිමට නුසුදුසු තත්වයෙ වාහන බවට නිගමනය වුව හොත් වාහන හිමියාට එම වාහනය ඉවත් කිරිමට (තලන්න)සිදු වනු ඇත. ඉතාලියේ සෑම නගරයකම වාහන තලන මධ්‍යස්ථානය පිහිටා ඇත. භාවිතයට නුසුදුසු වාහන තැලිම රජය අනිවාර්යය කර ඇති අතර වාහන හිමිකරුට යුරෝ -100ක මුදලක් ගෙවිමටද සිදුවනු ඇත.

මා මේ සටහන ගෙන එන්නේ ඉතාලියේ වාහන පාලනය කිරිමට සහ පරිසර දූෂණය අවම කිරිමට ගන්න සාර්ථකවී ඇති ක්‍රම වේදයක් ගැනයි. ඉතාලිය, ලංකාවට වඩා විශාලත්වයෙන් වැඩිය. එහෙත් එම රටවල් නිසි ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබයි. ශ්‍රි ලංකාව කුඩා දුපතකී. එය මහද්වීපයක් නොවේ. එසේ නම් අපේ රටේ වපසරිය සහ ජනගහනය අනුව මාර්ග ප්‍රමාණය අනුව නිසි පාලනයක් අවශ්‍ය බව කිව යුතුය.

අප අසා ඇත්තේ යුරෝපයේ අළුත් විලාසිතා සහ චරියාවන් , පිරිහීමට මුල් වන දේවල් මුලින්ම අනුගමනය කරන රට ශ්‍රි ලංකාව බවයි. රටක් පිරිහෙන්නට දෙයක් ලබා ගන්නවාට වඩා රටක අනාගතය වෙනුවෙන් දෙයක් අනුගමනය කිරිම කොපි කිරිම කළ යුතු වූවත් අප කරන්නේ ඔක්කොම කණපිට දෙවල් ය. ඒ අප මුතු ඇටේ සුන්දර සිරි ලාංකිකයන් නිසාවෙනි.

දුකට කරුණ නම් ලංකාවේ පරිසර ඇමතී ජනාධිපති සිරිසේන වන අතර සිරිසේනගේ මාධ්‍ය අංශයේ සේවයේ නියුතු පුද්ගලයන් විසින් පවත්වාගෙන යන වෙබ් අඩව් සහ සමාජ ජාලා පිටු මඟින් වාහන කාබන් බද්ද වැඩි කිරිම/ ඩොලරයේ අගය වැඩිවීම/වාහන ආනයන වෙළඳාම කඩා වැටීම ගැන ජනතාවට බොරු පවසමින් අදෝනා දීමට පටන් ගෙන තිබීමය.

විය යුත්තේ ජනතාව අවුස්සා ජන්ද වාසී ලබා ගැනීමට වත් පවතින රජය අප කිර්තියට පත් කිරිම වත් නොවේ. ඉතාලිය වැනි රට වල ක්‍රියාත්මක වන මෙම නිසි ක්‍රමවේදය ලංකාවේ ක්‍රියාත්මක කිරිමට කටයුතු කිරිම නොවේද..?

- ලක්දේශ් විජේසිංහ
ඉතාලියේ සිට.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us