නන්දසේනගේ තවත් හොර හැඳුනුම්පත් වංචාවක් හෙළිවෙයි   Featured

Published in පුවත්
Saturday, 21 September 2019 14:53

2016 ඔක්තෝම්බර් මාසයේදී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අවලංගු කරන ලද ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන ගෝඨාභය විසින් 2017, 2018 සහ 2019 වසර වල ඡන්ද දායකයෙකු ලෙස ලියාපදිංචි වී ඇති බවත් හෙළිවෙයි.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්ථමේන්තුවේ වාර්තා අනුව , නන්දසේන ගෝඨාභය ශ්‍රී ලංකා පුරවැසියෙකු යන පදනම මත නව හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ‘4021V’ සමඟ අවසන් වන අංකයක් දරණ පැරණි ජාතික හැඳුනුම්පත 2016 ඔක්තෝම්බර් මාසයේදී භාර දී තිබේ. පසුව ඔහුට ‘10010’ සමඟ අවසන් වන අංකයක් සහිත නව ජාතික හැඳුනුම්පතක් නිකුත් කරන ලදී.

එහෙත් ඔහු පාවිච්චි කරන ලද පැරණි හැඳුම්පතම පාවිච්චිකරමින් 2019 වසර සඳහාද ඡන්දදායකයකු ලෙස ලියාපදිංචි වීම සඳහා යොදාගෙන තිබේ. අවලංගු කරන ලද හැඳුම් පතක් එලෙස යොදා ගැනීම නීතිවිරෝධීවන අතර එය ශ්‍රි ලංකා රාජ්‍යයට කරන ලද වංචාවක්ද වේ.

1993 ඇමරිකාවට සංක්‍රමණය වූ නන්දසේනට ශ්‍රී ලංකා පුරවැසිභාවය හිමි නොවූ අතර, ආරක්ෂක ලේකම් ධුරයට පත්වීමෙන් පසු 2005 දී ශ්‍රී ලාංකීය ද්විත්ව පුරවැසි භාවය ලබාගැනීමට කටයුතු කර තිබුණු නමුත් ඊට පෙර මැදමුලන නිවසේ ඡන්ද දායකයකු ලෙස ලියාපදිංවි වීම වංචා සහගතව සිදුකර ඇති බවට තොරතුරු හෙළි විය.

මොහු ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉවත් වූ දා සිට ගංගොඩවිල දකුණේ ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ 526 / A,හි ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී ඇත. 2017 සහ 2018 වසර සඳහා ද ඔහුගේ අවලංගු ජාතික හැඳුනුම්පත භාවිතා කරමින් ඔහු ඔහු මෙම වංචාකාරී කටයුත්ත සිදුකර තිබේ.

ද්විත්ව පුරවැසි ක්‍රියාපටිපාටිය භාවිතා කරමින් නව ජාතික හැඳුනුම්පතක් ලබාගත් පුද්ගලයෙකු ඉන් පසුව ඕනෑම අරමුණක් සඳහා පෙර ජාතික හැඳුනුම්පත දිගටම භාවිතා කිරීම නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි

නන්දසේනගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රම්බුක්වැල්ල සම්බන්ධ කර ගත් විට ඔහු කියා සිටියේ තමන් නොදන්නා බවත් මෙය නීතිමය ගැටළුවක් බැවින් අදහස් දැක්වීමට නන්දසේන ගේ නීතිඥයන්ගෙන් උපදෙස් ලබා ගත යුතු බවට ඩේලිමිරර් පුවත්පත වාර්තාකර ඇත.

gota id

Last modified on Saturday, 21 September 2019 15:00

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us