සියලු ආබාධිත සෙබළුන්ට දිවි ඇති තෙක් වැටුප් ගෙවීමට රජය තීරණය කරයි

Published in පුවත්
Tuesday, 24 September 2019 19:33

යුධ තත්ත්වය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ සියලු සාමාජිකයන් හට තමන් විශ්‍රාම ගිය පසුව ද ඔවුන්ගේ අවසන් වරට ලැබූ වැටුපට ම සමාන විශ්‍රාම වැටුපක් ඔවුන් ජීවත්ව සිටින කාත් කල් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

අද (24) දින සිට ක්‍රියාත්මක වන පරිදි ආබාධිත රණවිරුවන් ජීවත්ව සිටින තෙක් මෙම ගෙවීම අඛණ්ඩව සිදු කරනු ලැබේ. ඒ අනුව ආබාධිත රණවිරුවකු විශ්‍රාම ගිය පසුව මෙතෙක් ගෙවන ලද විශ්‍රාම වැටුප හා අනෙකුත් දීමනා වෙනුවට ඔහු විශ්‍රාම යන අවස්ථාවේ දී ලැබූ මූලික වැටුප හා සියලු දීමනා ඇතුළත් මාසික වැටුප සියලු ආබාධිත රණවිරුවන් හට ගෙවනු ලැබේ.

උදාහරණයක් වශයෙන් ආබාධිත තත්ත්වයට පත්වූ යුධ හමුදා මේජර්වරයකුගේ මූලික වැටුප හා දීමනා රු. 97,205/= වේ. ඊට අමතරව සේවා විශ්‍රාම වැටුප වශයෙන් රු 10,000ක් ද, දුබලතා විශ්‍රාම වැටුප වශයෙන් 4,000ක් ද ඇතුළුව ආබාධිත මේජර්වරයකුගේ මාසික වැටුප වූයේ රු. 111,483කි. ඔහු ආබාධිත සෙබළකු වශයෙන් වයස අවුරුදු 55 දී විශ්‍රාම ගැන් වූ පසු ඔහුට මෙතෙක් ලැබුණේ රු 81,000ක විශ්‍රාම වැටුපකි. ඒ අනුව අද දින සිට ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම ගැන්වූ එම හමුදා නිලධාරීවරයාට ඔහු විශ්‍රාම ගැන්වීමට පෙර ලබා ගත් රුපියල් 111,483 මුදල ඔහුට දිවි ඇති තෙක් විශ්‍රාම වැටුප වශයෙන් ලැබෙනු ඇත.

ආබාධිත සෙබළුන්ගේ නියෝජිත පිරිසක් දැනට මාස කිහිපයකට පෙර මාතර දී මුදල් අමාත්‍යවරයා හමු වී ඔවුන්ගේ දුෂ්කරතාවන් පිළිබඳ කරුණු ඉදිරිපත් කළහ. ඒ අනුව මුදල් අමාත්‍යවරයා වශයෙන්, රට වෙනුවෙන් ඔවුන් කරන ලද කැපකිරීම අගයනුවස් ඔවුන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ට ජීවිත කාලය දක්වා අවසන් වරට ලැබූ වැටුපට සමාන මුදල ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දෙන ලදී.

ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ද දැනුම්වත් කිරීමෙන් පසුව මෙම සහන වීරෝධාර සෙබළුන් වෙනුවෙන් ලබා දීමට මෙම රජයට හැකිවීම සතුටට කරුණක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

උතුරු නැගෙනහිර ගැටුම් අවසානයෙන් පසුව එදා පැවැති රජය වීරෝධාර සෙබළු ඇතුළු ආරක්ෂක අංශ විකුණාගෙන දේශපාලනය කරන යුගයක් පැවැතියේ ය. ඔවුන් දැන් විපක්ෂයේ සිටිය දී පවා කරනුයේ පටු දේශපාලන වාසි තකා යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන්ගේ දුක හා කඳුළු මත බලයට පැමිණීමට උත්සහ කිරීමයි.

පසුගිය රජයේ පාලකයන් එම සෙබළුන්ගේ සුබ සාධනය සඳහා සැලකිය යුතු කිසිවක් ලබා දුන්නේ නැත. එහෙත් මෙම රජය බලයට පත් වීමෙන් පසුව පොලීසිය හා ආරක්ෂක හමුදාවේ සියලු සාමාජිකයන්හට පසුගිය වසර 20ක් තිස්සේ නොදුන් සහන අයවැය හරහා ලබා දීමට මුදල් අමාත්‍යාංශයට හැකි විය.

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට ගෙවනු ලබන දීමනා ඉහළ නැංවීම ක්‍රියාත්මක කළේ ය. එම නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ මාසික සලාක දීමනාව ඉකුත් ජනවාරියේ සිට ඉහළ නැංවීමට රජය පියවර ගත්තේ ය. ඒ අනුව නිලධාරීන්ගේ සලාක දීමනාව රුපියල් 23,231 දක්වා ද, සෙසු නිලයන්ගේ සලාක දීමනාව රුපියල් 19,350 දක්වා ද මේ වන විටත් ඉහළ නංවා ඇත. ඊට අමතරව ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ගෙවනු ලබන ගෙවල් කුලී දීමනාව ද දෙගුණ කළේ ය.
එසේම යුධ, නාවික හා ගුවන් හමුදා සේවයේ රුපියල් 1000ක කමාන්ඩෝ දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ නංවා ඇත. තව ද අවුරුදු 20ක් තිස්සේ පොලීසියේ නිලධාරීන්ට අහිමිව තිබූ උසස්වීම් ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලද අතර 31,000කට අධික පොලිස් කොස්තාපල් සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක දක්වා නිලධාරීන්හට උසස්වීම් ක්‍රියාත්මක වීම පසුගිය සතියේ දී ඇරැඹීය.

ආබාධිත රණවිරුවන් හට දිවි ඇති තෙක් මෙම වැටුප් ගෙවීම ක්‍රියාත්මක කිරීම සඳහා ආයතන සංග්‍රහය සහ අදාළ චක්‍රලේඛ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නුදුරේදීම සංශෝධනය කරනු ඇත.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us