කිරින්දේ දී පෙන්නුවේ නන්දසේනගේ ජාතික ආරක්ෂාවේ තරමය

Published in පුවත්
Saturday, 28 September 2019 11:21

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තිරසාර ප්‍රතිපත්තියක් වැඩපිලිවෙලක් සහ ඒ සඳහා හැකියාවක් ඇත්තේ තමන්ට බවට නන්දොඩවමින් සිටින් නන්දසෙන ගොඨාභය සහ ඔහුගේ අනුගාමිකයන්ට රාජ්‍ය බයල අත්පත් කර ගැනීමට හැකිවුවහොත් ජාතික ආරක්ෂාවට සිදුවන්නෙ කුමක්ද යන්න ඊයේ රත්‍රියේදී කිරින්ද පුහුල්වැල්ලේදි ප්‍රදර්ශනය කරන ලදී.

ඉතා සුළු සිද්ධියක් (මෙයද සැලසුම් කර නිර්මාණය කළාද යන්න සැකය පවතී) පදනම් කරගෙන මුස්ලිම් ජනයාට එළව එළවා පහර දීමට කඩ නිවාස ආදියට පහර දීමට ගෝඨාබයගේ ගොට්ටන් විසින් සංවිධානාත්මකව සිදු කරන ලදී. ඊට රාජප්ෂක් කඳවුරේ දේශපාලකයන් කිහිප දෙනෙකුගෙම සහය ලැබී තිබෙන බවටත් තොරතුරු හෙළි වෙමින් තිබේ.

මෙහිදී මතු කළ යුතු වැදගත් කාරණාව වන්නේ ජාතික ආරක්ෂාව ගැන නන්දොඩවන ව්‍යාජ දේශප්‍රේමියකු සිංහල බෞද්ධ ජාතිවාදියකු වන නන්දසේන ගොඨාභය යටතේ රටේ සිංහල බෞද්ධ නොවන ජන කණ්ඩායම් වලට සිදුවිය හැකි බරපතල අනතුරය ගැනය. සිංහල ඡන්දවලින් පමණක් තමන්ට ජය ගත හැකි බව කියන නන්දසේන ගොඨාභයට ජනාධිපතිවරණයේදි ඒ සිංහල ඡන්ද ප්‍රමාණය නිශ්චිතවම ලබා ගැනීමට නම් රටේ බහුතරය වන සිංහලයා තමන්ගේ පැත්තට දිනා ගත යුතුය. එය කළ හැක්කේ ජාතිවාදය අවුලුවා ගැ‍ටුම් නිර්මාණය කර සිංහලයාගේ ‍රැකවලා නායකයා තමන් බව ඔප්පු කිරීමෙන් පමණය.

රටේ සියලු ජන කොටස් අතර සාමය සංහිඳියාව නිදහස සමානාත්ම තාවය ගොඩ නැගිය යුතු බව අනෙක් ප්‍රබල ප්‍රතිවාදීන් සියල්ල පවසන විට ගොඨාට ඒ සමඟ සිට ගත නොහැක. රාජපක්ෂවරුන් පසුගිය කාලයේ සිංහල බෞද්ධ නොවන කණ්ඩායම් කෙරෙහි දැක්වූ පහත් කොට සලකීමේ ප්‍රතිපත්තිය නිසා දැන් ඒ ජන කොටස් උස් කොට සැලකීමේ හැකියාවක් නැත. සිංහල ඡන්ද වලින් පමණක් ඡන්දය ජය ගැනීමට වන තත්වයට පත් වූයේ ඒ නිසාය. එහෙත් සමස්ථයක් ලෙස සිංහල බෞද්ධයා කියන්නේ අනෙක් ජාතියක ආගමක විනාශ කිරීම තමන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය බව සිතන්නො නොවෙති. එලෙස සිතන ඉතා සුලුතරයක් රාජපක්ෂවරුන් සමඟ රංචු ගැසී සිටියත් ඒ විශාල බලවේගයක් නොවේ. ගෝඨභයට ඇති අවාසි සහගත තත්වය එයයි. එහෙත් එම ජඩයන්ට රටක් ඇවිලවීමේ හැකියාව තිබේ. නන්දසෙන දැන් පාවිච්චි කරමින් සිටින්නේ ඒ හැකියාවය. කිරින්දේ ගහමරා ගන්නට තරම් සිදුවීමක් වූයේ නැති නමුත් ඒ මුස්ලිම් ජන කොටස් වලට එරෙහිව මහා ප්‍රහාරයක් දක්වා වර්ධනය කරන්න මේ පිරිස උත්සුක විය. සිංහලයාට අනෙක් ජන කොටස් වෙතින් මහා ව්‍යයසනකාරී බගපෑමක් තිබෙන බව පෙන්වීමට මේ අයට වුවමනා විය. සිංහලයාගේ ආරක්ෂාව වෙනුවෙන් සටන් වැදිය යුතු බව අනෙකා තලා පෙලා දැමිය යුතු බව පෙන්වන්නට ඕනෑ විය.

එහි තාර්කික පදනම නලින්ද සිල්වලා වැනි ආචාරියන්ද ත්‍රාඩ කහකඩචාරීන්ලාද වීරවංශ ගම්මන්පිල වැනි තකක්ඩියන්ද ගොඩනගා තිබේ. සිංහලයාගේ ‍රැක්මට ඉන්නා එකම නායකයා නන්දසෙන ගෝඨබය වන බවට ප්‍රවාදය මේ අයගේ නිර්මාණයක් මිස ඇත්තක් නොවේ. ජාතික ආරක්ෂාව තහවුරු කළ හැක්කේ නන්දසෙන පමණක් බවද එලෙසම ගොඩ නඟන පට්ටපල් බොරුවකි. ඒ ඉතා පැහැදිලි කාරනාවකි. ඒක් ජන කොටසකට එරෙහිව තවත් ජන කොටසක් වෛරයෙන් හැඩගැස්සවීමෙන් තහවුරු කළ හැකි ජාතික ආරක්ෂාවක් නැත. එක් ජන කොටසකට එරෙහිව හතුරකු නිර්මාණය කිරීමන් කිසිදු ජන කොටසකට බයක් සැකක් නොමැතිව නිදහසේ ජීවත් විය නොහැක. කොටින්ම ඒ විෂම නිර්මාණය කළ නන්දසේන පවා අද සිටින්නෙ ප්‍රාණ බයෙනි.

ඔහුගේ නියෝග මත ක්‍රියාත්මක වූ මිලිටරි කල්ලියක් විසින් යාපනයේදී පැහැරගෙන ගොස් අතුරුදන් කළ ලලිත් - කූගන් නැමැති දෙමළ දේශපාලන ක්‍රියාධරයන් දෙන්නා සම්බන්ධයෙන් වන යාපනය අධිකරණයක විභාග වන නඩුවට මුහුණ දිමට බැරි බවට නන්දසෙන හේතු වශයෙන් දැක්වූයේ යාපනයේ ඒමට තමන් 'බය' බවට අධිකරණයට කරුණු දැක්වීමෙනි. උතුරේ දෙමළ පුරවැසියාට එලව එලවා පහර දීමෙන් නිර්මාණය කර ගත් සතුරකු සිටින බව නන්දසේන හොඳාකාරව දන්නා බව ඒ අනුව පැහැදිලිය. එහෙත් බලය ලැබූ විට තමන් වටා මිලිටරිමය බලගතු ආරක්ෂාවක් සහතික කර ගත හැකි නිසා ඔහුට ඔහුගේ ජීවිතය ගැන තිබෙන බිය පහකර ගත හැක. එහෙත් නන්දසෙනලාගේ ජාතිවාදී කතන්දර අසා අනෙකා තලා පෙළා දැමීමට කටයුතු කරන සිංහල බෞද්ධ මරි මෝඩයන්ගේ ආරක්ෂාව කිසිවකුත් තහවුරු කරන්නෙ නැත. දෙමළ මුස්ලිම් මිනිහාගේ ආරක්ෂාවද කිසිවකුත් තහවුරු කරනෙන් නැත. පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙහි මූලය පවතින්නේද නන්දසේලාගේ කුමන්ත්‍රණ කාරී මෙහෙයුමක් තුලය. ජන කොටස් අතර සැකය අවිස්වාසය පැතිරවීමෙන් එක් ජන කොටසක් ලවා තව ජන කොටසක් පාගා දැමීමෙන් ඉ‍ටුකර ගත හැකි ජාතික ආරක්ෂාවක් නැත.

ජාතික ආරක්ෂාව තහවුරු කළ හැක්කේ ජන කොටස් අතර අවබෝධය විශ්වාසය සහ ආදරය පදනම් කර ගත් සන්හිඳියාවකින් පමණය. එකෙනෙකා එකිනෙකා කෙරෙහි වන ආරක්ෂාව තහවුරු කරන සමාජ වටපිටාවක් නිර්මාණය කිරීමෙන් පමණය. එමඟින්ම ජාතින් අතර සමගිය මිත්‍රත්වය වර්ධනය වන තරමට ජාතික ආරක්ෂාව තහවුරු වෙනු ඇත.

මේ නිසා මෙහිදී දැඩිව අවධාරණය කර සිටින්නේ 'ජාතික ආරක්ෂාව' කියන කාරණය මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රමුඛ පුරවැසි ඉල්ලීම බවට පත්ව තිබෙන නිසා ජාතීන් පහත් කොට සලකන තලන්න පෙලන්න යෝජන කරන නන්දසෙනව නියත ලෙස පරාජය කිරීමෙන් මිස ජාතික ආරක්ෂාව තහවුරු කළ නොහැකි බවය. සිහි බුද්ධියක් කියා දෙයක් අබ ඇටයක තරමින් හෝ තිබේ නම්, නන්දසෙන වැනි වියරු ජාතිවාදී මෝඩ දේශපාලනයක යෙදෙමින් ලෝකය හමුවේ මොඩ් ප්‍රජාතන්ත්‍රවාදියෙකු යහපාලකයකු ලෙස වෙස්මූණු බැඳගෙන එන මේ ජඩ දේශපාලනය පැරදවීමට කිසිවකුත් දෙවරක් සිතන්නෙ නැත.

Last modified on Saturday, 28 September 2019 11:28

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us