පොහොට්‍ටු අපේක්ෂකත්වය ශෂීන්ද්‍රට ගන්න චමල් සටනේ.. බලගතු රාජ යෝගයක් තියේලු Featured

Published in පුවත්
Monday, 30 September 2019 20:43

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන ගෝඨාභයට එල්ල වී ඇති කූට ලේඛන චෝදනා සහ අමරිකානු පුරවැසිභාවය සම්බන්ධ චෝදනා නිසා නාම යෝජනා භාර දීම සිදුකිරීමට නොහැකි වුවහොත් ඒ සඳහා විකල්ප අපේක්ෂකයකු ‍තෝරා ගැනීමේ සාකච්ඡාවක් මේවන විට පොදුජන පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයත් අතර පැවැත්වෙමින් තිබේ.

මේ වෙනුවෙන් විවිධ නම් යෝජනා වූවද රාජපක්ෂ පවුලේ දේශපාලන අනාගතය ආරක්ෂාකරන විශ්වාසවන්ත අපේක්ෂකයකු හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට අපේක්ෂකත්වය නොදීමට මහින්ද රාජපක්ෂ දැඩි තීන්දුවක සිටින බවත් වාර්තා වේ.

විකල්ප අපෙක්ෂකයා ලෙස චමල් රාජපක්ෂව නම් කිරීම සිදුවෙනු ඇති බවට සමාජ මාධ්‍යවල තොරතුරු පළ වුවද එම පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ චමල් රාජපක්ෂ සිය වැඩිමහල් පුත්‍රයා වන හිටපු ඌව පළාත් මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ ඒ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට වෙහෙස වන බවය. ජනාධිපති අපේක්ෂකත්වය සඳහා සියලු සුදුසුකම් සපුරා ඇති ඔහුව මේ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට වඩාත්ම හේතු වී ඇත්තේ ජොතිෂ්‍ය වේදීන් විසින් පෙන්වා දී ඇති බලගතු හේතුවකි. එනම් රාජපක්ෂ පවුලේ රාජ්‍ය බලය අත්පත් කර ගැනීම සඳහා බලගතුම රාජ යෝගය පවතින්නේ ඔහුට බවය. එසේම ඇතැම් ජොතිෂඥයෙක් ඔහු තරුණ වයසේදීම නියත ලෙසම රටේ පාලකය බවට පත්වන බවටත් අනාවැකි කියා ඇත.

ශෂීන්ද්‍ර ගැන මීට පෙරද මෙවැනි ජෝතිෂ්‍යමය අනාවැකි කියැවී තිබිණි. එය රාජපක්ෂ පවුලේ අර්බුධයක් දක්වා දුරදිග සිද්ධියක් විය. ශෂීන්ද්‍ර අනාගත ජනාධිපති අපේක්ෂකයා ලෙස කරලියට ගැනීමට එවකට චමල් රාජපක්ෂ විසින් උත්සාහයක නිරත විය. එම අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ චමල්ගේ ඇමති කම ගලවා දමා වැඩකට නැති කතානායකධුරයට පත් කර ඔහුගේ දේශපාලන කටයුතු අවහිර කිරීමට කටයුතු කළේය. ඒ ශෂීන්ද්‍ර බලවත් වුවහොත් නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය විනාශ වෙනු ඇතැයි පැවැති බිය නිසාය. මහින්දගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ශෂීන්ද්‍රව එයින් ඉවත් කර උදිත ලොකු බණ්ඩාරව පත් කර ගත්තේද ශෂීන්ද්‍රට දේශපාලනිකව මතු වීමට තිබෙන අවස්ථා වැලැක්වීමටය.

කෙසේ නමුත් නන්දසේනගේ වංචාසහගත ක්‍රියාවන් නිසා යළි ශෂීන්ද්‍රව කරළියට ගෙන ඒමට චමල් රාජපක්ෂ සැරසෙයි .පොදු ජන පෙරමුණේ ඇතැම් පාර්ශ්වයක්ද ඒ වෙනුවෙන් පෙනී සිටිමින් කියා සිටින්නේ දිනන්න හැකි වෙනත් අයෙක් රාජපක්ෂ පවුලේ සිටීනම් ඒ ශෂීන්ද්‍ර බවය. මේ නිසා බොහෝ විට ශෂීන්ද්‍රට ජනාධිපති අපෙක්ෂකත්වය හිමිවනු ඇතැයි එම පවුලේ ආරංචි මාර්ග පවසයි

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us