ජනතාව අතරට යන්න බය, කඩදාසි වීරයා, තරුණ ඡන්දත් තොග පිටින් කඩාගනී Featured

Published in පුවත්
Sunday, 06 October 2019 00:36

නූතන ශිෂ්ඨ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන භාවිතය හුරු නැති අයෙක් ලෙස නන්දසේන ගෝඨබය සිය නාමය දැන් තරුණ ප්‍රජාව අතර සලකුණු කර හමාරය. පසුගිය දින කිහිපයේදී මේ විපර්යාසය සිදුවිය.

වඩාත් ප්‍රජාතාන්ත්‍රික මැතිවරණ මෙහෙයුමක් වෙනුවෙන් ඒ ඒ කාලවල තරුණ ප්‍රජාවේ අපේක්ෂාවන් විවිධාකාරයෙ කතිකාවන් ලෙස දේශපාලන භූමියට පැමිණි නමුත් මෙරට මුල් බැහැ ගත් දේශපාලනයෙ මජර භාවිතාවන් නිසා ඒ අපෙක්ෂාවන්ට ඉඩක් ලැබුණේ නැත. එහෙත් ඒ අපේක්ෂාවන් විනාශ වූයේ ද නැත.

සියලු ජනාධිපති අපේක්ෂකයන් එක වේදිකාවක් මතට ගෙනත් ඒ ඒ ක්ෂෙත්‍ර ගැන සිය ප්‍රතිපත්තීන් ගන සාකච්ඡාවකට ඉඩ දීම අද නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් හී සුලබ දසුනකි. ප්‍රචණ්ඩ භාවිතයන්ගෙන් , අවලාද ,අපහාස වලින් තොර මැතිවරණ ප්‍රචාරක කටයුත්තක තියෙන ශිෂ්ඨ සම්පන්නකම ගැන අද තරුණ ප්‍රජාව දැනුවත්ය.. ඔවුන් ඒ වුවමනාව සහිතව සිටින පිරිසකි.

මහජන වේදිකාව සූදානම් වන්නේ ඒ නූතන ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව ගැන වන ශිෂ්ඨ සම්පන්න මිනිසුන්ගේ මහන්සියක් ලෙසිනි. ඊට තරුණ ප්‍රජාවේ ආකර්ෂණය නිතැතින්ම හිමිව තිබූ බව සමාජ ජාලාවල ඊට ලැබුණු ප්‍රතිචාරයෙන් පෙනිනි.

ඒ තරුණ ප්‍රජාවේ අපේක්ෂාව තමන්ගේ දේශපාලන ව්‍යාපාරයට අත්‍යාවශ්‍ය යැයි ජනධිපතිවරණ අපේක්ෂකයන්ද කල්පනා කර තිබේ. එම නිසා ඒ අවස්ථාව දැඩි උනන්දුවකින් ඔවුන් බාරගත් බවද පෙනිනි..ප්‍රධාන අපේක්ෂකයන් කිහිප දෙනාට පමණක් උදාකර දී තිබූ ඒ අවස්ථව අනෙක් අපේක්ෂකයන්ද ලබා ගත්තේ වාද විවාද සිදු කරමින් බලපෑමක් කරමිනි.. ඒ එහි ඇති වැදගත් කම නිසාය. මුල් අවස්ථාවේ ප්‍රධාන අපෙක්ෂකයන් කිහිපදෙනට පමණක් මෙය සීමා කෙරුණේ විශාල පිරිසකගේ සහභාගිත්වය සහ කාලය කලමනාකරණය කර ගැනීමේ ආදී ප්‍රායෝගික ගැටලු සහගත තත්වයන් බව පෙනෙන්නට තිබිණි. එහෙත් ඒ යම් තරමකට හෝ ජය ගැනීමට එම සංවිධායකයන් සමත්ව තිබිණි.. මෙය ඓතිහාසික අවස්ථාවකි..ඊට සම්බන්ධ වූ දේශපාලන නායකයො ඒ ඓතිහසික මොහොතේ වටිනාකම දැන සිටියහ.

එහෙත් ඒ දැනදැනත් ඊට සහභාගී වෙන බවත් පොරොන්දු වී සිටි එක් අපේක්ෂයෙක් ඒ මඟ හරියේය. ඒ නන්දසේන ගොඨාබයයි. නන්දසේන සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්බ කළේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙසය ...බොහො සන්දර්ශන ඔහු පෙන්නුවේය.. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බාවිතාව යනු තමන්ට රිසි පිරිසක් සමඟ මාධ්‍යයට සහ පිටස්තරයන්ට තහනම් කෙරුණු ශාලා ඇතුලේ ටෙලිප්‍රොම්ටරයේ ආධාරයෙන් කතා පැවැත් වීම නොවේ. ඉතිහාසයේත් ඔහු තමන්ගේ වීරකම් පෙන්වා ඇත්තේ මුද්‍රිත කඩදාසිවල පමණය.

සැබැවටම මහජනතාවට අභිමුඛ වී දේශපාලනය ගැන කතා කරන්න බැරි බියගුලු නායකත්වය කුමක්ද යන්න අපට වැටහෙන්නේ නැත. එහෙත් නන්දසේන ගේ අතීත භාවිතය ගැන සිතන විට මේ වටහා ගැනීමේ අසීරුතාවයක්ද නැත.. ඔහු රජයේ නිලධාරියකු ලෙස අනෙකා සමග කළ ගනුදෙනුවද ඒ නිලධරයකුට තරම් නොවන්නේය..ඔහුගේ දෝශ දර්ශනයට තර්ජනයට පහර කෑමට පමණක් නොව මරණය වැළඳ ගැනීමටද සිදුවූ අය සිටියහ..නන්දසේනගේ සංවාද භාෂාව එසේය. එහෙම කෙනෙකු මහ ජනතාව සමග සාකච්ඡාවට පැමිණීම මහ ජනතාවද කැමැත්තෙන් බාර ගනු ඇතැයි සිතිය නොහැක. මන්ද ඒ වැරැදුනොත් කෙලවර මරණය ඇති බැවිනි..

ජනාධිපතිවරණයක් අභියස තමන් පරිස්සම් වීමට කල්පනා කර තමන් විසින්ම තම කට පරෙස්සම් කර ගැනීමට නන්ද සේන කල්පනා කර තිබෙන බව දැන් පැහැදිලි කරුණකි..මාධ්‍යට ඔහුගෙන් ප්‍රශ්න කරන්නට තහනම් ය.. ලියල දෙන ප්‍රශ්නය අහන සහ ඊට කටපාඩම් කර ගත් උත්තරය ලියා ගන්නා මාධ්‍ය සාකච්ඡාවකින් එහාට ඔහු යන්නෙ නැත.

මේ නිසා අද මහජන වේදිකාවට ඔහු නොපැමිණීම ගැන පුදුම වන්නට දෙයක් නැත..ඒ එසේ සිදු වෙනු ඇතැයි බොහො දෙනා වෙලාසනම අපේක්ෂා කළහ..

දේශපාලනයේ මජර කමම අභ්‍යාස කරමින් රට වැසියා තව දුරටත් රවටමින් ඔවුන්ට වංචාකරමින් සිටින එක් වයසක ත්‍රාඩ අපේක්ෂකයකු පමණක් බව මේ වේදිකාව මඟ හැරීමෙන් නන්දසේන ඔප්පු කර තිබේ.

මෙවැනි වංචාකාර දේශපාලනයක් මේ රටේ නූතන පරම්පරාව කිසිසේත් පිළි ගන්නෙ නැත..වංචාවෙන් බොරුවෙන් ජීවිතය ජය ගැනීමට සිතා සිටින්නෙකු හැර නන්දසේනගේ මේ ජඩ කම් ඉවසන්නේද නැත.

කොහොම උනත් මෙවර ජනාධිපතිවරණයේ කුළුදුලේ පාවිච්චි වෙන ලක්ෂ 10 කට අධික අලුත් ඡන්ද මෙන්ම තාරුණ්‍යය නියොජනය කරන ඡන්ද දායකයා මේ වසල දේශපාලනය ප්‍රතික්ෂේප කරනු ඇත. ඒ දැන් පැහැදිලිය.. වඩාත් දියුණු ශිෂ්ඨසම්පන්න දේශපාලන බාවිතාවක් ගැන සිහින දකින කිසිවකුත් මේ රාජපක්ෂලාගේ මජර තකක්ඩි දේශපාලනය නම් කිසිසේත්ම පිළිගැනිමකට ලක් කරන්නේ නැත. නූතන ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයට හුරු නැති අයෙක් ලෙස ගෝඨබය දැන් තරුණ ප්‍රජාව අතර සලකුණු කර හමාර බව මුලින් සඳහන් කළේ එබැවිනි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us