වව්නියාව, බෝගස්වැව ප්‍රදේශයේ නැවත පදිංචි කළ ජනතාව හමුවූ අමාත්‍යවරයා ඔවුන්ගේ ගැටලු විමසා බැලුවා. ඒ අනුව සෑම නිවසකටම විදුලි මීටර් ලබාගැනීමේ අවශ්‍යතාව ඔවුන් පෙන්වා දුන්නා. නැවත පදිංචිවන ගම්මානවල තාවකාලික නිවාසවල සිට නව නිවාසවලට පිවිසීමේ දී විදුලි මීටර් රජයේ වියදමින් සවිකර දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා කියාසිටියේ. ඒ සම්බන්ධයෙන් එම ජනතාව රජයට ප්‍රසාදය පළකළ බවත් වාර්තා වෙනවා.