හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයාගේ දුරකථන දත්ත විනාශ කර දමයි

Published in පුවත්
Thursday, 17 December 2020 15:55

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගේ ජංගම දුරකතනයේ අන්තර්ගත දත්ත යළි බාගත කළ නොහැකි අන්දමට විනාශ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ වෝහාරික විශ්ලේෂණයේදී අනාවරණය වී තිබෙනවා.

සාක්ෂි ලබාදෙමින් අදාළ වෝහාරික විශ්ලේෂණය සිදු කළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් කුමාර මහතා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ සඳහන් කළේ , සිදුකෙරෙන විමර්ශනයට අදාළ දත්ත එම දුරකතනයේ ඇත්දැයි පරික්ෂා කරන ලෙස දැන්වුවද දුරකතනය Factory Reset කර තිබීම තුළින් දත්ත ලබාගැනිමට බාධා එල්ල වූ බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පෙර භාවිත කරන ලද ජංගම දුරකතනයේ සහ ලැප්ටොප් පරිගණකයේ අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට වැදගත් තොරතුරු ඇත්දැයි පරික්ෂා කරන ලෙස ජනාධිපති කොමිසම මීට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණ.
සාක්ෂිකරු පැවසුවේ, එම නියෝගය අනුව නිලන්ත ජයවර්ධන මහතා භාවිත කළ ජංගම දුරකතනය සහ ලැප්ටොප් පරිගණකය සම්බන්ධයෙන් මෙම වෝහාරික පරික්ෂාව කළ බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා භාවිත කළ ජංගම දුරකතනය වෝහාරික විශ්ලේෂණයක් සිදු කිරීමට තමාගේ අතට පත්වන විටත් Factory Reset කිරීමකට ලක්කර තිබු බව එහිදි කොමිසම හමුවේ සාක්ෂිදෙමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ ය.
ඒ අනුව එහි ඇතුළත් දත්ත සහ තොරතුරු නැවත ලබාගත නොහැකි අන්දමට විනාශ කර තිබු බව ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා අනාවරණය කළේය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us