මේ අනුව ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ අලූත්ම විනිමය අනුපාත අගයන් අනුව ඊයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 193.05 දක්වා ඉහළ ගියේය. පෙරේදා (22දා) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.191.20 ක් විය. මේ අනුව ඊයේ දිනයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල රු. 1.75 කින් පිරිහීමට ලක්ව ඇත.
මේ අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගැනුම් අගය ඊයේ දිනයේ රු. 188.01 දක්වා ඉහළ ගිය අතර පෙරේදා එම අගය රු. 186.80 ක් විය.
දිවයින පුවත්පත ඇසුරෙනි