විදේශ අමාත්‍යංශ සේවකයෙක් මාල සොරකමට මාට්ටු

Published in පුවත්
Monday, 11 August 2014 09:37

පසුගිය මාසයේ දකුණු කොරියාවේදී ජීවිතක්ෂයට පත් වූ අනුරාධපුර පදිංචිව සිටි අරුනින්ද ප්‍රභාකර විමලසිරිට අයත් රන්මාලය සහ රිදී මුද්ද තැපැල් මාර්ගයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට පත්වීමෙන් අනතුරුව අතුරුදහන් වී තිබේ.

මිය ගිය විමලසිරිගේ බිරිඳ ශාලිකා සඳමාලි ඒ සම්බන්ධයෙන් පොලීසියට කළ පැමිණිල්ලකින් අනතුරුව ක්‍රියාත්මක වූ කොළඹ අපරාධ කොට්ඨාශය, රාගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරු විදේශ අමාත්‍යංශයේ සේවකයෙක් බව  පැවසේ.

තානාපති සේවා තැපැල් මල්ලේ බහා එවූ බව පැවසෙන රන් මාලය උණු කර ගුළියක් බවට පත් කර තිබියදී කොළඹ හෙට්ටි වීදියේ සුප්‍රසිද්ධ රන් ආභරණ අලෙවි සැලකින් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.


මිල කළ නොහැකියි :



රන් මාලය විකුණා ලබා ගත් එක්ලක්ෂ හැත්තෑඑක් දහසක මුදල සැකකරුගේ බැංකු ගිණුමට බැර කර ඇති බව පසුව කළ පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

නමුත් රන් මාලය සමග එවා තිබූ රිදී මුද්ද සොයා ගැනීමට නොහැකි වී තිබෙන අතර මියගිය විමලසිරිගේ බිරිඳ පවසන්නේ ඇයගේ ආදරණීය ස්වාමිපුරුෂයා පැළඳි එම මුද්ද තමාට මිල කළ නොහැකි හැඟුම්බර වස්තුවක් බවයි.

රටට විදේශ විනිමය සොයා දෙන පුද්ගලයන්ට විදේශ අමාත්‍යංශය දක්වන නොසැලකිල්ල සම්බන්ධයෙන් විමලසිරිගේ බිරිඳ ශාලිකා සඳමාලි විජේරත්න  අදහස් දැක්වූවේ දැඩි කල කිරීමකින් යුතුවය.

'රටට සල්ලි සොයා දෙන පවුල් වෙනුවෙන් මට කියන්න තියෙන්නේ මේ වගේ දේවල් සිද්ධ නොවන පිළිවෙළට කටයුතු කරන්න කියලා' යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.

(සංදේශය) 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us