රාජපක්ෂ දඩයමේ ගිය 'රුවන්' සොයා මෙහෙයුමක්   Featured

Published in පුවත්
Tuesday, 29 December 2020 20:36

පසුගිය යහපාලන සමයේදී මහින්ද රාජපක්ෂ ඇතුළු එම පවුලේ සාමාජිකයන් සිරගත කිරීම වෙනුවෙන් තිරය පිටුපස සිටි අදෘෂ්‍යමාන පුද්ගලයකු ක්‍රියාත්මක වී ඇති බවට තොරතුරු රැසක් රජයේ බුද්ධි අංශ හෙළිකරගෙන තිබෙන බව අප වෙත දැනගැනීමට තිබේ.

යහපාලන ආණ්ඩුව පත්වූ සමයේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ රැස්වූ දූෂණ මර්දන කමි‍ටුව හරහා රාජපක්ෂ දඩමට අවශ්‍ය මුලික කරුණු කාරණා සම්පාදනය වූ නමුත් මෙම මෙහෙයුම පිටුපස සිට ඇත්තේ 'රුවන් පෙතියගොඩ' නම් පුද්ගලයෙකි. චම්පික රණවක, රාජිත සේනාරත්න, අනුරකුමාර දිසානායක ආදීන් රාජපක්ෂවරුන් කෙසේ හෝ නීතියේ රැහැනට කො‍ටුකර ගැනීම වෙනුවෙන් දේශපාලන බලය යොදාගැනීමෙහි යෙදී සිටින අතරතුර එම විමර්ශන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්(සී.අයි.ඩී) මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාෂයත්(එෆ්.සී.අයි.ඩී) විසින් සිදු කරන ලදී. එහෙත් සීඅයිඩීයට සහ එෆ්සීඅයිඩියට නියෝග දෙමින් මෙම මෙහෙයුම් සිදු කළයුතු ආකාරය ගැන සියලු උපදෙස් ලබා දී ඇත්තේ මෙම රුවන් පෙතියගොඩ තැනැත්තාය.

පොලිස් දෙපාර්තමේන්තුවේ හෝ ආරක්ෂක අංශයක හෝ සමාජිකයකු නොවන මෙම රුවන් පෙතියගොඩ තැනැත්තා මෙරට පදිංචිව සිටි පුද්ගලයකු නොවන අතර ඔහු අමරිකානු පුරවැසියකු බවද දැනගැනීමට තිබේ. ඔහුගේ පියා ජාත්‍යන්තර කිර්තියට පත් ස්වභාව විද්‍යාඥයෙකි. යහපාලන යුගයේදී තේ මණ්ඩලයේ සභාපතිධුරයට ඔහුව පත්කර තිබුණේ එවකට වැවිල කර්මාන්ත සංවර්ධන ඇමැති නවීන් දිසානයකය. ඔහු නවීන් දිසානායකගේ මාමාය. එනම් නවීන්ගේ පියාගේ සහෝදරියගේ සැමියාය. යහපාලන යුගයේදී ඔහුගේ පුත් රුවන් පෙතියගොඩව නොහොත් නවීන්ගේ මස්සිනාව මෙරටට ගෙන්වා ගෙන තිබෙන අතර පරිගණක ආශ්‍රිත විශේෂඥ වෘත්තිකයකු ලෙස මෙරටදී පෙනී සිටි බව දැනගැනීමට ඇත.

බරපතලම ගැටළුව වන්නේ මේ රුවන් නැමැත්තාට සීඅයිඩිය එෆ්සීඅයිඩිය මෙහෙයවීමට තරම් බලයක් ලැබුණේ කෙසේද යන්නය. රජයේ වැ‍ටුප්, දීමනා,යාන වාහන, නවාතැන්, පොලිස් ආරක්ෂාව සියල්ල ඔහුට ලැබී තිබිණි. ඔහුගේ ප්‍රධාන කාර්යාලය ලෙස එවකට සී අයි ඩියට අනුයුක්තව සිටි සහකාර පොලිස් අධිකාරී තිසේරාගේ කාර්යාල පරිශ්‍රයෙන් ඉඩක් වෙන් කර දී තිබිණි. රාජපක්ෂවරුන්ට එරෙහිව චෝදනා ගොනුකිරීම වෙනුවෙන් ලොව පුරා සැරිසරමින් තොරතුරු එක් රැස් කිරීම මොහු විසින් සිදු කර තිබිණි. සී අයි ඩීයේ ඉහළ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් ජාත්‍යන්තර පොලිසිය සමඟ ගනුදෙනු කිරීමද ඔහු සිදුකර තිබෙන බව මේ වනවිට හෙළිදරව් වී ඇත. එහිදී රාජපක්ෂවරුන් හෝ එම හිතවතුන් සතුව විදේශීය වත්කම් තිබේ නම් එම තොරතුරු ඔහු වෙත ලබාදෙන ලෙස නිල ලේඛන භාවිතා කරමින් ඉල්ලා තිබෙන බවත් හෙළිවී තිබේ. එලෙස රහස් පොලිසියේ නිලධාරියකු ලෙස ව්‍යජ ලෙස පෙනී සිටිමින් නීති විරෝධී ආකාරයෙන් මොහු රාජපක්ෂ දඩයමෙහි යෙදෙන්නට තරම් සටකපට වී ඇත. එමෙන්ම මෙරට හා විදේශීය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුටද නිර්මාණය කරන ලද ව්‍යාජ අසත්‍ය තොරතුරු ලබාදෙමින් රාජපක්ෂවරුන් දූෂිතයන් බව සමාජගත කිරීමේ මෙහෙයුමක්ද මොහු සිදුකර තිබේ.

රාජපක්ෂ සමයේදී වංචා දූෂණ අති විශාල ප්‍රමාණයක් ගැන එවකට එජාපයත් ජවිපෙත් කප්පරක් චෝදනා එල්ල කර සිටියේය. එසේම ඔවුන් දේශපාලන බලය අත්පත් කර ගැනීමෙන් පසුව එම චෝදනා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ගත් අතර එය වැරදි දෙයක් ද නොවේ. මන්ද ඔවුන් කළ චෝදනා සම්බන්ධයෙන් සහ චූදිතයන්ට දඬුවම් දීම සම්බන්ධයෙන් ජනතාවට දැඩි පොරොන්දුවක් දී තිබුණු බැවිනි. එහෙත් රටක නීතිය ක්‍රියාත්මක කළ යුතු පිලිවෙතක් තිබේ. නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද යන්න ගැන ද නීතී තිබේ. තමන්ගේ දේශපාලන හතුරන් වූවද, කවර ගනයේ බරපතල අපරාධයක් කර තිබුණද ඊට සාක්ෂි තිබුණද චෝදනා සාධාරණව යුක්ති සහගතව විභාග කර දඬුවම් ලබා දීමේ සම්මත පිළිගත් ක්‍රමවේදය අනුව විය යුතුය. එය කිසිවෙකුට හිතුමතේ කළ නොහැක. නමුත් යහපාලන යුගයේදී බොහෝ විට ඒ සිදු වූයේ දේශපාලන විරුද්ධ වාදිකම් අනුව මිසක් නීතියේ ප්‍රතිපාදන අනුව නොවන බවට තොරතුරු රැසක් පසුගිය කාලයේ හෙළිදරව් වී තිබිණි. එවක පොලිස්පතිවරයාම වරක් ප්‍රසිද්ධියේ කිව්වේ තමන් නීතිය නොකඩා නීතිය නවන හැටි දන්නා බවය.

කොහොම නමුත් අදෘශ්‍යමානව සිටිමින් රාජපක්ෂ දඩයමට නියෝග දුන් රුවන් පෙතියාගොඩ නැමැත්තා කවුද ? ඔහුට මෙරටට රැගෙන ආවේ කවුද? අපරාධ විමර්ශනයට ඔහුගේ ඇති අමුතු හැකියාව කුමක්ද ? පොලිසියට නියෝග දෙන්න තරම් ඔහුට ඒ බලය ලැබුණේ කොහොමද? ඔහු මැදිහත් වී සිදු කළ කටයුතු මොනවාද? ඉහළ පොලිස් නිලධාරියක් ලෙස පෙනී සිටිමින් ජාත්‍යන්තර පොලිසිය සමඟ ගනුදෙනු කිරීමට තරම් හැකියාවක් ඔහුට ලැබුණේ කොහොමද? ඔහුට පොලිස් දෙපාර්තමේන්තුව හෝ වෙනයම් රජයේ ආයතනයක් වැ‍ටුප් ගෙව්වේ වරප්‍රසාද පහසුකම් ආදිය ලබා දුන්නේ කවර පදනමක් යටතේද? ඔහුගේ දේශපාලන සම්බන්ධතා මොනවාද? ජාත්‍යන්තර සබඳතා මොනවාද? ඔහු අමරිකානු හෝ බටහිර ඔත්තු සේවා නියෝජිතයෙක්ද? 2019 යහපාලනය පෙරළෙන විටම ඔහු අමරිකාවට පලා ගියේ ඇයි ඒ කොහොමද? ඊට උදව් කළේ කවුද? ඔහු අද අමරිකාවේ සේවය කරන්න කාටද? සී.අයි.ඒ. /එෆ්.බී.අයි. නැතිනම් අයි.එස්.අයි.එස්. සම්බන්ධතා ඔහුට තිබුණද? මේ ආදී ප්‍රශ්න වැලක් දැන් ඉතිරිව තිබේ. මේ සම්බන්ධයෙන් යහපාලන යුගයේදී සීඅයිඩී ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න. එෆ්සීයිඩී ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර සහ එවකට පොලිස්පති පූජිත ජයසුන්දර පිළිතුරු දිය යුතුය.

එමෙන්ම රාජපක්ෂ දඩයම වෙනුවෙන් අරලිය ගහ මන්දිරයේ රහසිගත කුමන්ත්‍රණ සිදු කළ චම්පිකලා රාජිතලා අනුරලා සමඟ ඔහුට තිබූ සම්බන්ධතා මොනවාද යන්න ගැන මේ අය හෙළි කළ යුතුය.

කොහොම නමුත් මේ රුවන් පෙතියගොඩ නැමැත්තා සම්බන්ධයෙන් ඉහළ පෙලේ විමර්ශනයක් මේ වන විට ආරම්භ කෙරී ඇති බවත් අප වෙත දැන ගැනීමට ඇත.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us