ගිය වසරේදී සියයට 3.9 ක සෘණ ආර්ථික වර්ධනයක් - මහ බැංකුව පුරෝකථනය කරයි

Published in පුවත්
Tuesday, 05 January 2021 11:31

2020 සිව්වන කාර්තුවේ ප‍්‍රවණතා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ආර්ථිකය 2020 වසර තුළදී සියයට 3.9 ක සෘණ ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇති බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර තිබේ.

මහ බැංකුව ඊයේ (04දා) නිකුත් කළ 2021 සහ ඉදිරිය සඳහා වන මුදල් සහ මූල්‍ය අංශ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ මේ බව සඳහන් වේ. කොවිඩ් වසංගතය හමුවේ සිදුව ඇති ආර්ථික පසුබෑම සම්බන්ධයෙන් එම වාර්තාවේ මෙසේ ද සඳහන් වේ.

අනෙකුත් ගෝලීය ආර්ථිකයන් මෙන්ම ශ‍්‍රී ලංකාව ද 2020 වසරේදී, විශේෂයෙන් දෙවන කාර්තුවේදී, සැලකිය යුතු ආර්ථික පසුබෑමකට ලක්විය. උද්ධමනය පාලනය වී ඇති වාතාවරණයක් යටතේ, වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකය නගාසිටුවීමට සහාය වීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව පෙර නොවූ පරිමාණයකින් විවිධ ක‍්‍රියාමාර්ග ගනු ලැබීය. මෙම ක‍්‍රියාමාර්ග සහ රජය විසින් ආරම්භ කරන ලද ආර්ථික පුනර්ජීවන වැඩසටහන් 2020 වසරේ තුන්වන කාර්තුව තුළදී ආර්ථික ක‍්‍රියාකාරකම් අපේක්ෂා කළ ප‍්‍රමාණයට වඩා ඉහළ මට්ටමකින් යථා තත්ත්වයට පත්වීමට හේතු විය.

කෙසේ වෙතත්, කොවිඞ්-19 හි දෙවන රැල්ල පැතිර යෑම, වසරේ අවසාන කාර්තුවේදී ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම කෙරෙහි යම් දුරකට බලපෑම් ඇති කළේය. 2020 පළමු කාර්තුවේදී සුළු සංකෝචනයක්ද, දෙවන කාර්තුවේ දී සාපේක්ෂව විශාල සංකෝචනයක් ද වාර්තා කිරීමෙන් අනතුරුව, ආර්ථිකය තෙවන කාර්තුවේදී සුළු වශයෙන් ධන වර්ධනයක් වාර්තා කළේය. සිව්වන කාර්තුවේ ප‍්‍රවණතා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, ආර්ථිකය ගිය වසර තුළදී සියයට 3.9ක පමණ සංකෝචනය වීමක් වාර්තා කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

අභියෝගාත්මක දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ ආර්ථිකයට ප‍්‍රමාණවත් උත්තේජනයක් ලබා දීම සඳහා මුදල් හා රාජ්‍ය මූල්‍ය මැදිහත්වීම් තුළින් අඛණ්ඩ සහයෝගය අත්‍යවශ්‍ය බව මහ බැංකුවේ අදහසයි. එමනිසා, ආර්ථික ක‍්‍රියාකාරකම් අපේක්ෂිත අන්දමට යථා තත්ත්වයට පත්වීම සහතික කිරීම සඳහා මහ බැංකුව දැනට පවත්නා ලිහිල් මුදල් ප‍්‍රතිපත්ති ස්ථාවරය 2021 වසරේදීද අඛණ්ඩව පවත්වාගෙන යනු ඇත. එහෙත් උද්ධමන ප‍්‍රවණතා කෙරෙහි ආර්ථිකයේ සමස්ත ඉල්ලූම මත පදනම්ව ඇති විය හැකි ඕනෑම පීඩනයක් වළක්වා ගැනීම සඳහා අපි නිරතුරුවම සාර්ව ආර්ථිකයේ සිදුවන වෙනස්වීම් සමීපව නිරීක්ෂණය කරන්නෙමු.

දිවයින

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us