රැකියා වියුක්තිකයන්ට රජය මගින් නව රැකියා ලබා දීමේ උත්සහයක්

Published in පුවත්
Tuesday, 12 January 2021 11:53

කොරෝනා අර්බුදයත් සමග ශ්‍රී ලංකාවේ විරැකියා ප්‍රතිශතය එන්න එන්නම වැඩිවෙමින් පවතින බවත් විදේස්ගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීමට දරන උත්සාහය හා සමානව අලුත් රැකියා අවස්ථා ලබාගැනීමේ උත්සාහයකත් රජය යෙදෙන බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වූ අවස්ථාවේදීය. එම අවස්ථාවේදී අමාත්‍යවරයා මෙසේ කරුණු දක්වා ඇත.

‘‘අපි රැකියා විරහිත තරුණ තරුණියන් පුහුණු ශ්‍රමිකයන් විදිහට ස්ථානගත කිරීමේ වැඩපිළිවෙළක් ගැන සාකච්ඡා කළා. ඒකට කාර්මික විද්‍යාලය, වෘත්තීය පුහුණු අධිකාරිය, නයිටා, යොවුන් සේනාංකය සහ තරුණ සේවා සභාව වගේ ආයතනවලට අමතරව ජලසම්පාදන අමාත්‍යාංශය විසින් ප්ලම්බර්ස්ලා පුහුණු කරන්න භාරගත්තා. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 10000ක් පුහුණු කිරීම් කරන්න 2021 වසරේ භාරගත්තා. ඒ වගේම මේ සියල්ල එකතු වුණාම අපි බලාපොරොත්තු වෙනවා විදේශගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීම හා සමානවම අලුත් රැකියා අවස්ථා ලබාගැනීමේ උත්සාහයකත් යෙදෙන්න. ඒ නිසා අපි රජයක් විදිහට පැහැදිලිවම විදේශගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීමට මැදිහත් වෙනවා වගේම විදේශ රැකියා අවස්ථා උත්පාදනය වැඩි කිරීමටත් ඒ අවස්ථාවෙන් අපේ රටේ දරුවන්ට ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළා. ඒ අනුව ප්‍රියංකර ජයරත්න ඇමැතිතුමා සමග පැවති සාකච්ඡාවෙන් මේ පිළිබඳ දිස්ත්‍රික් මට්ටමේ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළකට යන්න ඕනෑ.

ලංකාව තුළත් රැකියා අවස්ථා තිබෙනවා. ඒකට අවශ්‍ය පුහුණුව නැතිකම හා දරුවන්ගේ නොදැනුවත්කම තමයි තියෙන ප්‍රශ්න. වි​දේශ රැකියා සම්බන්ධයෙන් තියෙන්නෙත් එයමයි. ඒ නිසා අපේ යෞවන සමාජ, දේශපාලන යාන්ත්‍රණය, යොවුන් සේනාංකය ආදිය හරහා ගමට මේ පණිවුඩය යන වැඩපිළිවෙළක් හදන්න. ඒ එක්කම කර්මාන්ත අමාත්‍යාංශය හා ආයෝජන මණ්ඩලයත් එක්ක එකතුවෙලා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක කර්මාන්තශාලාවක් ගෙන ඒමේ වැඩපිළිවෙළ ආරම්භ කරනවා. ඒ තුළින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ආර්ථික වර්ධනයක් එක්කම ඒ කර්මාන්තශාලාව තුළ රැකියා උත්පාදනය කරන්න. එය අපි මධ්‍යකාලීන හා දිගුකාලීන වශයෙන් ක්‍රියාත්මක කරන එකක්. ඒ අනුව කර්මාන්තශාලාවක් ඉදි කරන්න ඉඩම් හඳුනා ගැනීම, ඊට සුදුසු ජන අනුපාතය, ජන ඝනත්වය හා කෘෂිකාර්මික ප්‍ර​දේශ නම් ඊට මුල්වෙලා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ක තරුණ ගොවි වැඩසටහන් මගින් තරුණ කෘෂි ව්‍යවසායකයන් බිහි කරනවා. අපි දැනට තරුණ ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමට ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කරලා තියෙන්නේ. ඒ අනුව අපට පුළුවන් වෙයි ඊළඟ අවුරුදු පහ ඇතුළත හොඳ ප්‍රගතියක් පෙන්වන්න.’’

-පංචාලි අබේසේකර

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us