පසුගිය වසරේදී උපාධිධාරීන්ට ආණ්ඩුවේ රැකියා ලබා දීමේදී තවත් උපාධිධාරීන් පිරිසක් රජයේ සහ පෞද්ගලික අංශයේ කම්කරු, කාර්යාල කාර්ය සහායක වැනි කනිෂ්ඨ මට්ටමේ රැකියාවන්හි යෙදී සිටි බව ඇමැතිවරුන් බොහෝමයක් කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර සිටි බව ඇමැති උදය ගම්මන්පිල කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර ඇත.
එබැවින් ඔවුන් සියලු දෙනාටද ආණ්ඩුවේ උපාධිධාරී රැකියා ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව ගම්මන්පිල ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.
-පංචාලි අබේසේකර