අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වරදකරු වී, පසුගියදා 12වනදා වසර 4 ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වු රංජන් රාමනායක මේ වන විට බන්ධනාගාරයේ පසුවනවා.
රංජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීමත් සමග හිස්වන මන්ත්‍රී අසුනට ගම්පහ දිස්ත්‍රික්කයෙන් මීළගට මනාප ලැයිස්තුවේ සිටින අජිත් මාන්නප්පෙරුම පත්වනු ඇති බවට සමගි ජන බලවේගය මීට පෙර මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ තිබේ.
-පංචාලි අබේසේකර