ඉන් එක් ක්‍රීඩකයෙකුගේ මවට ද වෛරසය ආසාදනය වී ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරන්නේ. ආසාදිත සිවු දෙනාගේන් දෙදෙනෙකු ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මෙම පිරිස සිය මව්පියන් සමග ශ්‍රීපාද වන්දනාවේ ගොස් ඇත්තේ පසුගිය 17 වැනිදායි. මොවුන් නුවරඑළිය බලා ගොස් ඇති අතර, සංචාරක බංගලාවක ඔවුන් නවාතැන් ගෙන ඇත. අනතුරුව සංචාරය අවසන් කර මෙම පිරිස ගාල්ල බලා පැමිණ තිබේ.
-පංචාලි අබේසේකර