ජනපතිගේ ප්‍රකාශය ගැන රේගු නිලධාරීන්ගේ විරෝධය Featured

Published in පුවත්
Wednesday, 27 January 2021 10:40

ශ්‍රී ලංකා රේගුවේ දූෂණ වංචා අක්‍රමිකතා තුරන් කර එම ආයතනය හරහා රටට ලැබිය යුතු ආදායම නියමාකාරයෙන් ලබා ගැනීමත් කාර්යක්ෂම සේවයක් සලසා දීම වෙනුවෙනුත් ජනාධිපති ගෝඨභය රාජපක්ෂ පසුගියදා කළුතර වළල්ලාවිට පැවැති ජන හමුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රේගු නිලධාරී වෘත්තිය සමිති වල විරෝධය පළවී තිබේ.

ඊයේ පැවැති ජාත්‍යන්තර රේගු දින සැමරීම වෙනුවෙන් රේගුවේ ප්‍රධාන වෘත්තීය සංගම් තුනක් ඒකාබද්ධ පැවැති මාධ්‍ය හමුවේදී ජනාධිපති ශ්‍රී ලංකා රේගුවට තෙවන පාර්ශ්වයක් හෝ හමුදා නිලධාරීන් හෝ අනුයුක්ත කිරීමට තමන් එරෙහි බව සඳහන් කර ඇත. එසේම ජනාධිපතිවරයා පවසන ලෙස රේගුව බදු ආදායම් එකතු කිරීමේ දී සිය වගකීම පැහැර හැර ඇති බවට කරන චෝදනාවද ප්‍රතික්ෂේප කර සිටියේ පසුගිය වසරේ ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 647 න් රුපියල් බිලියන 641 ක්ම ‍රැස්කරදීමට තමන් සමත් වූ බව පෙන්වා දෙමිනි. එසේම පසුගිය වසරේදී වාහන ආනයනය සීමා කිරීම නිසා රු බිලියන 80 ක පමණ මුදල්ක් අහිමි වූ බවත් වැට් බදු 8% දක්වා ඩු කිරීමත් නිසා ඉලක්කය ඉක්මවා යෑමට නොහැකි වු බවත් පෙන්වා දී තිබිණි.

එසේම රේගුව පිළිබඳ ඇතැම් ඉහළ නිලධාරීන් ජනාධිපතිවරයාට වැරදි තොරතුරු ලබා දී ඔහුව නොමඟ යවා ඇති බවත් එමගින් රේගුවට අනවශ්‍ය බලපෑමක් සිදුකිරීමට මෙම නිලධාරීන්ට අවශ්‍යව ඇති බවත් මෙම වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දෙයි.

රේගු නිලධාරීන් තමන්ගේ පාර්ශ්වය පිරිසිදු කරගැනීම වෙනුවෙන් මෙලෙස අදහස් ප්‍රකාශ කළද රේගුව සහ රේගු නිලධාරීන් සම්බන්ධයෙන් රට තුල ඇත්තේ හොඳ චිත්‍රයක් නොවේ. එම නිලධාරීන් සතුව තිබෙන අසීමිත බලය නිසා වංචා දූෂණයන් සම්බන්ධයෙන් රජයට හෝ විමර්ශනය කර ඒවාට පිළියම් යෙදීම අසීරු කරුණක් බව කාලන්තරයක් තිස්සේ තහවුරුව ඇත්තකි. විශේෂයෙන්ම එම වෘත්තීය සමිති හරහා ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ග නිසා රටම අර්බුධයකට පත්කිරීමේ හැකියාව මෙම නිලධාරීන්ට තිබේ. රාජ්‍ය ආදායමෙන් සියයට 50 කට වඩා උපයන රේගුව වැඩ වැරීමක් සිදු වුවහොත් එය අතිශය තීරණාත්මක ලෙස රටේ ආර්ථිකයට බලපාන කරුණක් වීම නිසා මෙම රේගු නිලධාරීන් එම හැකියාව පාවිච්චි කර පාලකයන් මට්ටු කිරීම ඉතිහාසය පුරා සිදුව තිබේ.

පසුගිය යහපාලන යුගයේදීත් රේගුවේ වංචා දූෂණ අවම කිරීම වෙනුවෙන් හමුදා නිලධාරියකු යෙදවීමට ගත් උත්සාහයද මෙම රේගු නිලධාරීන් විසින් ව්‍යවර්ථ කරන ලදී. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හමුදා නිලධාරියකු මෙහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස පත් කිරීමට හැකියාව ලැබුණද ඔහුට ඒ තුල නියමාකා‍රයෙන් කටයුතු කිරීමට ඉඩක් ලැබුණේ නැත. ජනාධිපතිවර්යාම පවසා සිටියේ ඔහු අසාර්ථක වී ඇති බවය. මේ නිසා දූෂිත රේගු නිලධාරීන් සියලු දෙනා එළවා දමා හෝ රේගුව හැදීමට දරුණු තීරයක් ගැනීමට සිදුවන බවත් ඔහුට පවසන්නට සිදුවිය.

කෙසේ නමුත් පසුගිය වසරේ දෙසැම්බර් මසයේදී ජනාධිපති ලේකම්වරයා රේගුවේ සියලුම නිලධාරීන්ට යොමු කළ ලිපියකින් එහි තිබෙන ගැටළු ගැන සඳහන්කර ඒවා මාස තුනක් ඇතුලත නිවැරදි කරගැනීම සිදු නොවුණහොත් ජනාධිපතිවරයාට ඊට මැදිහත් වීමට සිදුවෙනු ඇති බවට අනතුරු හඟවා තිබිණි. එහෙත් මේ වනතුරුත් ජනාධිපතිවරයා අපේක්ෂා කළ මට්ට්මේ ප්‍රගතියක් අත්පත් කරදිමට මේ රේගු නිලධාරීන් සමත්ව නැත.

රේගුවට ලබා දී ඇති ආදායම් ඉලක්ක සකස්වන්නේ රේගු නිලධාරීන් විසින්ම ලබා දෙන සංඛ්‍ය ලේඛන මත පදනම්වය. ඔවුන්ට (ඔවුන්ගේ අයතා ආදායම් හැර) සොයා දියහැකි ආදායමේ සීමාවට අනුව මෙම ඉලක්කම් සෙල්ලම සිදුවේ. එහෙත් ඇත්ත කන්දරය වෙනස්ය. පසුගිය කාලයේ රේගුව සම්බන්ධයෙන් එම නිලධාරීන්ගේ බාධා කිරීම් මධ්‍යයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විශේෂ විමර්ශනයකින් පෙන්වා දෙනු ලැබුවේ රේගුවේ සැබෑ ආදායම රටේ වියදමෙන් සියයට 75 ක් වත් ආවරණය කිරීමට තරම් ඉහළ බවය. කොහොම නමුත් මේවා සංඛ්‍යා ලේඛන මඟින් අමුතුවෙන් ඔප්පු කරන්නට තරම් දේවල් නොවන බව බොහෝ රේගු නිලධාරීන් හිටි හැටියේ ප්‍රකෝටිපතියන් වීමේ මැජික් එකගැන කල්පනා කළත් ප්‍රමාණවත් දැනුමක් ලැබිය හැකිය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us