ඒ අනුව කොළඹ කොටුව, මරදාන දුම්රිය ස්ථානවලත් ඒ ආශ්රිත ප්‍රදේශවලත් වෘත්තීය වශයෙන් සැරිසරන යාචකයන් මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගෙන් ලැබුණු පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව අදාළ මෙහෙයුම ක්‍රියාත්මක කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවැසීය.
-පංචාලි අබේසේකර