රථගාල් දොළහේ ව්‍යාපෘතියේ දෙවන රථගාලේ ඉදිකිරීම් කටයුතු අද ඇරඹේ

Published in පුවත්
Wednesday, 10 February 2021 11:31

කොළඹ නගරයේ පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත ඉදි කරමින් පවතින රථගාල් දොළහේ ව්‍යාපෘතියේ දෙවන රථගාල යූනියන් පෙදෙසේ ඉබ්බන්වල හන්දියේ දී ඉදිකිරීමේ කටයුතු අද (10) ඇරඹීමට නියමිතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන ආකාරයට රථවාහන තදබදයට පිළියම් යෙදීමට ඉදිරිපත් කර ඇති යෝජනාවලට අනුව කොළඹ නගරයේ මෙන් ම දිවයින පුරා රථාවහන තදබදය පවතින ප්‍රධාන නගරවල නව රථගාල් ඉදිකිරීමට නියමිතයි.

යෝජිත රථගාල් 12 න් කොළඹ කොටුව සහ නාරාහේන්පිට යන ප්‍රදේශවල රථගාල් දෙකක ඉදිකිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ඉබ්බන්වල හන්දියේ දී ඉදිකෙරෙන්නේ තුන්වැනි රථගාලයි.

එකවර රථවාහන 310 ක් නවතා තැබිය හැකි ඉබ්බන්වල හන්දියේ ඉදිකෙරෙන මෙම රථගාලේ, වාහන නවතා තැබීමත් සමඟ ම දැනට එම ප්‍රදේශයේ පවතින වාහන තදබදය අවම වේ.

මේ අනුව මරදාන පාර, ටී.බී. ජයා මාවත, ධර්මපාල මාවත, යූනියන් පෙදෙස, කිංසි පාර ඇතුළු සෙසු මාර්ගවල පවතින වාහන තදබදයට මෙමඟින් පිළියම් යෙදේ. මේ හේතුව මත කොළඹ මහ රෝහල් පරිශ්‍රය අවට ද වාහන තදබදයට විසඳුම් හිමිවේ.

ඉබ්බන්වල හංදියේ ඉදිකෙරෙන රථගාල සඳහා මහල් 10 කින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිතයි. නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් අනුව ඉදිවන නව රථගාලේ 80% ක් රථවාහන නැවැත්වීම සඳහා වෙන් කළ යුතුය. කාර්යාල සංකීර්ණ සහ සාප්පු සංකීර්ණ සඳහා ඉතිරි 20% වෙන්කෙරේ.

මෙහි බිම් මහල, පළමු මහල සහ දෙවන මහල කාර්යාල සහ සාප්පු සංකීර්ණ සඳහා වෙන් කෙරේ. තෙවන මහලේ සිට දසවන මහල දක්වා වෙන් කළ යුත්තේ යෝජිත රථ ගාල ඉදි කිරීම සඳහායි.

ඉබ්බන්වල හන්දියේ ඉදිකෙරෙන මෙම රථගාල ඉදිකිරීම සඳහා වැය වන මුළු මුදල රුපියල් මිලියන 605 කි.

මෙම රථ ගාල සඳහා වෙන්කර ඇත්තේ ඉබ්බන්වල හන්දියේ පිහිටා තිබෙන නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමකින් පර්චස් 113 ක් වන අතර මෙම රථගාල වර්ග අඩි 31,000 කින් සමන්විත වේ.එම ප්‍රමාණයෙන් වර්ග අඩි 20,000 ක බිම් කොටසක් මත ඉදිවන මෙම ගොඩනැගිල්ල මහල් 10 භූමි ප්‍රමාණයේ එකතුව වර්ග අඩි ලක්ෂ දෙකකි. මෙයින් වර්ග අඩි 40,000 ක් කාර්යාල සංකීර්ණ සහ සාප්පු සංකීර්ණ සඳහාත්, වර්ග අඩි එක්ලක්ෂ හැටදහසක් රථගාල සඳහාත් වෙන් කිරීමට නියමිතය.

මේ අනුව ඉදිවන රථගාල ප්‍රසිද්ධ මහජන රථගාලක් ලෙස භාවිතයට ගැනීම කළ යුතුය යන මූලික සහ ප්‍රධාන කොන්දේසි යටතේ එය අනිවාර්ය කර තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් රථගාල ඉදිකිරීමේ කටයුතු අධික්ෂණය කරනු ලබයි.

-ITN News

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us