2020 වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 2 කින් පහළට

Published in පුවත්
Friday, 12 February 2021 14:31

රට තුළ ඇති වූ කොවිඩ්-19 වසංගතයේ දෙවන රැල්ලේ බලපෑමෙන් අනතුරුව 2020 වසරේ දෙසැම්බර් මාසයේදී භාණ්ඩ අපනයන යථා තත්ත්වයට පත් වූ අතර, අත්යවශ්ය නොවන ආනයන සඳහා වන සීමාවන් අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ ගෝලීය ඉන්ධන මිල සාපේක්ෂව අඩු මට්ටමක පැවතීම හේතුවෙන් භාණ්ඩ ආනයන පෙර වසරේ අනුරූප මාසවලට සාපේක්ෂව අඛණ්ඩව අඩු විය.

සමස්තයක් ලෙස, 2019 වසර සමඟ සැසඳීමේ දී වෙළඳ හිඟය 2020 වසරේ දී එ.ජ. ඩොලර් බිලියන 2.0කින් සැලකිය යුතු ලෙස අඩු විය.

විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්රේෂණ ඉතිහාසයේ ඉහලම මාසික ලැබීම වාර්තා කරමින් 2020 වසරේ දෙසැම්බර් මාසයේදී ද විදේශීය අංශය ශක්තිමත් කිරීමට අඛණ්ඩව දායක විය.

2020 වසරේ දෙසැම්බර් මාසයේ දී ප්‍රේෂණ පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 813 දක්වා සියයට 22.2 කින් වර්ධනය විය.

2020 වසරේ ජූනි මාසයේ සිට දක්නට ලැබුණු වැඩිවීම මඟින් 2020 වසරේ දී සියයට 5.8ක වාර්ෂික වර්ධනයක් වාර්තා කරන ලද විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ, වසර තුළ දී ඒක්සත් ජනපද ඩොලර් මිලියන 7,104 ක් කරා ළඟා විය. මෙය 2019 වසරේ දී ඩොලර් මිලියන 6,717 ක් ලෙසින් වාර්තා වේ.

මූල්ය ගිණුමේ, රාජ්ය සුරැකුම්පත් වෙළදපොළෙහි සහ කොළඹ කොටස් වෙළදපොළෙහි විදේශීය ආයෝජන 2020 වසරේ දෙසැම්බර් මාසයේදී සුළු ශුද්ධ ගෙවීම් වාර්තා කර ඇත.

වර්ෂය අවසානයේදී දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 5.7ක් විය. 2020 වසරේ දී ශ්රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 2.6කින් අවප්රමාණය විය. විනිමය අනුපාතිකය 2020 වසරේ දෙසැම්බර් මාසයේදී මෙන්ම 2021 වසරේ මේ දක්වා වූ කාලපරිච්ඡේදයේදී ද යම් විචලනයක් දැක්වීය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දින ප්‍රකාශයට පත් කරන ලද 2020 දෙසැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

photos

Last modified on Friday, 12 February 2021 14:43

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us