ඒ අනුව 2015 සිට 2019 කාලයේ දී පලතුරු ටොන් කෝටි 28කට අධික ප්‍රමාණයක් ආනයනය කර ඇති බවත් සමාගම් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් රටවල් 56කින් එම පලතුරු මෙරටට ගෙන්වා ඇති බවත් රේගු ප්‍රකාශකයකු ප්‍රකාශ කර තිබේ.
වැඩිම පලතුරු තොගය ආනයනය කර ඇත්තේ 2018 වර්ෂයේ වන අතර එම ප්‍රමාණය ටොන් හැට හත්දහස් දෙසිය තිස් එකක් බව සඳහන්.
වැඩියෙන්ම ඇපල් ආනයනය කර ඇති අතර ඊළඟට දොඩම් ආනයනය කර තිබේ. ඊට අමතරව මෙරට හොඳින් වගා කළ හැකි කෙසෙල්, අලි පේර, පේර, මැන්ගුස්, දෙහි, කොමඩු, ගස්ලබු ආදී පලතුරුද ආනයනය කර ඇත.
-පංචාලි අබේසේකර