කේරවල පිටිය මුතුරාජවෙල කර්මාන්ත පුරවරයේ ඉදි කර ඇති මෙම බලාගාරයෙන් විදුලිය නිපදවීම සදහා කැලිකසල යොදාගැනීම සිදුවෙනවා. මෙවැනි බලාගාරයක් ශ්‍රි ලංකාවේ ඉදිවූ පළමු අවස්ථාව මෙයයි.
දිනකට කසල ටොන් 800ක් පමණ මෙම බලාගාරයට අවශ්‍ය කෙරෙනවා. දිනකට විදුලිය මෙගාවොට් 10ක් නිපදවීම අපේක්ෂාවයි.
කසල දහනයෙන් ඉතිරිවන අලු මහාමාර්ග ඉදිකිරීම් ඇතුළු අනෙක් කටයුතු සදහා යොදා ගැනීමට නියමිතයි. රජය හා වෙස්ටන් පවර් සමාගම එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය දුමින්ද දිසානායක, නිමල් ලාන්සා, යන රාජ්‍ය අමාත්‍යවරුන් නිරීක්ෂණය කළා.
-පංචාලි අබේසේකර