එය 2019 වසරට සාපේක්ෂව 70%ක පහළ යාමක් බවයි එම ඒකකය සදහන් කරන්නේ.
කොරෝනා වෛරස බලපෑම හේතුවෙන් මෙලෙස ඩෙංගු රෝගීන් වාර්තා වීම අවම වී ඇති බවයි ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර ප්‍රකාශ කළේ.
ඊට හේතුව ලෙස ඔහු සදහන් කරන්නේ , රට වසා දමා තිබූ කාලසීමාව තුළ මෙන්ම කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින්ගේ සංචරණ කටයුතු අවම වීමයි.
පසුගිය වසරේ කොරෝනා රෝගීන් 31,084ක් වාර්තා වී ඇති අතර, 2019 වසරේ වාර්තා වී තිබූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 105049ක්.
-පංචාලි අබේසේකර