එහි කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් කියා සිටියේ විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක විය යුතු සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද පිළිබඳ යෝජනාවලියක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව වෙත ඉදිරිපත් කළද මේ වනතෙක් ඒ කෙරෙහි අවධානය යොමු කර නොමැති බවයි.
මේ අතර, පසුගියදා කොරෝනා ආසාදිත සිසුන් 10 දෙනෙකු වාර්තා වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලය එළඹෙන සතියේ සිට තවත් සිසුන් 3000ක පිරිසක් සඳහා විවෘත කිරීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක කියා සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව විශ්ව විද්‍යාලය අධ්‍යාපන සහ විභාග කටයුතු සඳහා විවෘත කරන බවයි.
-පංචාලි අබේසේකර