රේගුවට ජනාධිපති පරීක්ෂණ කොමිසමක්

Published in පුවත්
Thursday, 25 February 2021 09:32

රේගුවේ කටයුතු විධිමත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත්කර තිබේ. රේගුවට එරෙහිව නැගෙන විවිධ චෝදනා සහ සිදුවෙතැයි සැලකෙන අක්‍රමිකතා වළක්වා ගනිමින් කාර්යක්ෂම හා ඵලදායී සේවා සැපයීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කොමිසමට පැවරෙන වගකීම බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කරන ලද නිවේදනයේ දැක්වේන්නේ.

මෙම කොමිසමේ සභාපති ධුරයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ඇන්තනි ගුණරත්න පත් කර ඇත. සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ.එම්.එම්. සිරිවර්ධන, ජ්‍යෙෂ්ඨ උපදේශක (වෙළෙඳ) ආචාර්ය සනත් ජයනෙත්ති සහ ශ්‍රී ලංකා රේගුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ. ඩයස් යන නිලධාරීන් කටයුතු කරති.

මහජනතාවගේ සහ වෙනත් පාර්ශ්වයන්ගේ අදහස් කැඳවීමට ද, රේගු වෘත්තීය සමිති ඉදිරිපත් කර ඇති යෝජනා සමාලෝචනයට ලක් කිරීමට ද ජනාධිපතිවරයා කොමිසමට නියෝග කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us