මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ යුද හමුදා කඳවුරකට අනුයුක්තව සේවය කළ සෙබළෙක් හා යුද හමුදාවේ සේවය කර මාස දෙකකට පෙර පලාගිය සෙබළෙකි.
මෙම සැකකරුවෝ පොළොන්නරුව හා මාතර ප්‍රදේශවල පදිංචිකරුවෝය. දඹුල්ල කඳවුරේ සේවය කළ සෙබළා දෙහිවල අත්තිඩිය මිහිඳු සෙත්මැදුර කඳවුරට තාවකාලිකව රාජකාරි සඳහා යොදවා සිටි අයෙකු බවද විමර්ශනවලදී හෙළි වී තිබේ. විදෙස්ගතව සිටින බව කියන මිදිගම රුවන් චින්තක හෙවත් හරක්කටා සහ පසුගියදා පානදුර ප්‍රදේශයේ පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන සළිඳු නමැත්තා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවට කරුණු අනාවරණය වී ඇත.
කුලී පනදම මත යුද හමුදාව ලබාගත් වෑන් රථයක් මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගෙන තිබේ. මෙම වෑන් රථය ප්‍රදේශයේ කාන්තාවකට අයත්ය.ගාල්ල ඉමදුව ප්‍රදේශයෙන් මෙම හෙරොයින් තොගය ලබාගෙන අධිවේගී මාර්ගයේ පැමිණ ගැලනිගම ප්‍රවේශයෙන් පිටවී හොරණ ප්‍රදේශයට පැමිණි විටදී මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කළේ මෙම සෙබළා රියැදුරකුගේ රාජකාරී ආවරණයට යොදවා සිට ඇති අතර, ඔහුගේ අභිමතය පරිදි මෙලෙස මෙම වෑන් රථය කඳවුරෙන් පිටතට රැගෙන ගොස් ඇති බවය.අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හොරණ අධිකරණයට ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.