වියළි කාලගුණය හේතුවෙන් විදුලිය නිෂ්පාදනයෙන් 74% ක් ගල් අඟුරු හා ඩීසල් තාප බාලාගාර ආශ්‍රිතව නිපදවීමට සිදුවන බවයි විදුලි බල අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
මේ දිනවල සමස්ත විදුලි නිෂ්පාදනය ගිගාවොඩ් පැය 38.46 ක් පමණ වේ. වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනයට 23.1% ක් දක්වා පහත බැස ඇත.
ඒ අනුව මේ වනවිට ප්‍රධාන විදුලිබල පද්ධතියට සැපයෙන සමස්ත විදුලි බල ප්‍රමාණයෙන් 74.92% ක් ම ජනනය කරනු ලබන්නේ, ඩීසල් හා ගල් අඟුරු තාප බලාගාර මගිනි.
ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩල පවසන්නේ, කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට මේ වනවිට සියලු පියවර ගෙන ඇති බවයි.
-පංචාලි අබේසේකර