ලබන 07 වන ඉරුදින දිවයින පුරා එම කළු ඉරිදාව ප්‍රකාශයට පත්කිරීමට ඊයේ (28) රැස් වූ කොළඹ අගරදගුරු පදවියේ පියතුමන්ලා තීරණය කර ඇත.
පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ විපතට පත් සියලුදෙනා වෙනුවෙන් යුක්තිය ඉටුනොවීමට විරෝධය දැක්වීමක් ලෙස එම කළු ඉරිදාව ප්‍රකාශයට පත්කර ඇති අතර එදිනට කතෝලික ජනතාව කළු ඇඳුමෙන් සැරසී දිව්‍ය පූජාවට සහභාගී වීමට නියමිතව තිබේ.
කෙසේවෙතත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිගත හැකි වාර්තාවක් නොවන බව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මැති ඇමතිවරුන් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
-පංචලි අබේසේකර