වතු කම්කරුවන්ගේ වැටුප පිළිබදව අවසන් තීරණාත්මක දිනය අද

Published in පුවත්
Monday, 01 March 2021 11:21

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමේ තීරණාත්මක අවසන් සාකච්ඡාව අද (01) පැවැත් වීමට නියමිතයි.

වතු හාම්පුතුන් සහ කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ කම්කරු අමාත්‍යාංශයේදියි.

මෙහිදී පඩි පාලක සභා මගින් දැනට අනුමත කර ඇති රුපියල් දහසේ වතු කම්කරු වැටුප පිළිබදව හාම්පුතුන්ගේ සංගම්වල අවසන් තීන්දුව විමසා බැලීමට නියමිතයි.

පසුගිය දා රැස්වූ පඩි පාලක සභා මගින් වතු කම්කරුවන්ට රුපියල් 900ක මූලික වැටුපක් සහ රුපියල් 100ක දීමනාවක් ලබාදීමට තීරණය කර ඇත.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේදී සාකච්ඡා වට කිහිපයක් පැවතුණද හාම්පුතුන්ගේ සංගමය ඊට එකඟතාව පළ කළේ නැහැ.

මෙම තත්ත්වය හමුවේ වතු කම්කරුවන් එක්දින වර්ජනයකද නිරත වූ අතර ඉන් අනතුරුව කම්කරු අමාත්‍යාංශය වතු කම්කරු දෛනික වැටුප සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය පඩි පාලක සභාව වෙත පවරනු ලැබුවේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us