කොරෝනා එන්නත් කිරීමේ වැඩපිළිවෙල ආයාලේ යනවාද?  

Published in පුවත්
Saturday, 06 March 2021 09:10

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම වෙනුවෙන් සිදුකෙරෙන එන්නත් කිරීම වැඩපිළිවෙල නියමිත ක‍්‍රමවේදයෙන් බැහැරව සිදුවෙන බවට සමාජ මාධ්‍ය ඔස්සෙ විශාල ප්‍රචාරයක් මේ වන විට රැගෙන යමින් තිබේ.

අවාසනාවකට බී. බී. සී. සිංහල පුවත් වෙබ් අඩවිය වැනි පිළිගත් මාධ්‍ය ආයතනයන්ද තුට්ටු දෙකේ ඕපාදූප වෙබ් අඩවියක මට්ටමේ කතන්දර එකතු කරගෙන මෙම එන්නත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවමින් පුවත් පළකරන බව පෙනෙන්නට තිබේ.

මෙම එන්නත් කිරීම වැඩපිළිවෙල නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා රජය නිවැරදි වැඩ පිළිවෙලක් සැකසුවේ එන්නත් මෙරටට ගෙන ඒමටත් පෙර සිටය. එසේම එන්නත්කරණ වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ අංක එකෙහිලා සාර්ථකත්වයක් පෙන්වා තිබෙන රාජ්‍යයක් වන අතර අදටත් එම ප්‍රවීණතාවය රැක ගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් රට තුල ක්‍රියාකාරීව සිටී. එම නිසා මෙහිදී සිදු වියහැකි දෝශයන් ඉතා අවම මට්ටමකින් හැර කතා කළ යුතු තරම් බරපතල කිසිවක් සිදුවීමට තිබෙන ඉඩකඩ ඉතා සීමිත වියහැකි බවට උපකල්පනය කළ හැකිය.

එහෙත් මෙම එන්නත්කරණ ක්‍රියාවලියේදී අද ඊට ඇති ඉල්ලුම නිසා හොර පාරෙන් එන්නත් විද ගැනීමට උත්සහකරන වුන් බහුල විය හැකිය. සමාජය තුල සිවිල් බලයන් සහිත පුද්ගලයන්, දේශපාලන බලය සහිත පුද්ගලයන්, මෙම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ නෑදෑ හිතවතුන් ආදියද මෙහිදී පෝලිම් පැන එන්නත විදගැනීම වෙනුවෙන් උත්සහගැනීම් සිදුවිය හැකිය. ඒවා නොවිය හැකි දේ බවට අප කිසිවකුට සහතික දිය නොහැක. ඒ අනුවම ඇතැම් තැනක සිදුවීම කිහිපයක් වූ බවත් වාර්තා විය. එහෙත් ඒවා වර්තාවීමත් සමඟ තවදුරටත් ඒ සිදුවීම් වැලැක්වීම වෙනුනේ රජය ක්‍රියා කොට තිබිණි..

රජය විසින් එන්නත්කරණයේදී ඉතා දැඩිව අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියක් නිකුත්කර තිබෙන අතර ඒ අනුව එම ක්‍රියාවලිය සිදුවෙනවද යන්න ගැන නිරන්තර අවධානයෙන්ද පසුවෙයි.

නමුත් බී බී සී ප්‍රමුඛ මාධ්‍ය කිහිපයක් විසින් සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ විසින්ද දේශපාලකයන් සහ ප්‍රභූන් වෙනුවෙන් වෙනම ප්‍රභූ (VIP) එන්නත්කරණ මධ්‍යස්ථාන පවත්වාගෙන යන බවට චෝදනාවක් කර තිබිණි. එහෙත් කිසි විටෙක VIP මධ්‍යස්ථාන යනුවෙන් එන්නත් කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන ගොස් නැත. සිදුව තිබුණේ වෙනත් සම්බන්ධකම් පාවිච්චිකර මන්ත්‍රීවරුන් හා ප්‍රභූ ගනයෙහිල සැලකෙන් කිහිපදෙනෙකු හොර රහසේ එන්නත් විදගැනීමය. ඒ සම්බන්ධයෙන් අදාල නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීමටද රජය මේ වන විටත් කටයුතු කර තිබේ.

තැනින් තැන වන හුදකලා සිද්ධීන් පදනම් කරගෙන එන්නත් ක්‍රියාවලිය මුළුමනින්ම අයාලේ යන බවට මේ වැදගත් යැයි සිතූ මාධ්‍ය ආයතනය විසින්ද ජනතාව නොමඟ යවන සුළ පුවත් පළ කිරීම අතිශය කණගා‍ටුදායකය. ජවිපෙ වැනි සංවිධාන හැමදාම කළේ කෙන්ද කන්ද කරගෙන ඒකට තව පට්ටපල් බොරු එකතු කරමින් රජයට එරෙහිව බොරු අවලාද ගැසීමය. ඒ නිසා මේ එන්නත්කරණ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට ඔවුන්ගේ ඇති සූදානම ගැන පුදුම වන්නට දෙයක් නැත. මීට පෙර අවස්ථාවකද වෙනත් රෝගාබාධයක් නිසා ළමයකු මිය ගිය පුවතක් මේ ජවිපෙ මාධ්‍ය නඩය විසින් වාර්තා කර තිබුණේ කොරෝනා එන්නත විදීම නිසා ළමයා මිය ගිය බවට හැගෙන ලෙසය. ඔවුන්ට අවශ්‍යව ඇත්තෙ කෙසේ හෝ මේ එන්නත් ක්‍රියාවලිය කඩාකප්පල් කර මේ රටේ ජනතාව අනතුරේ හෙළීමටය.

බීබීසීය ඔවුන්ගේ අවලාදාත්මක පුවත වාර්තාකරණයේදී අනුගමනයකර ඇත්තේ මේ ජවිපෙ පිළිවෙතම වන අතර ඔවුන්ටද අවශ්‍යව ඇත්තේ මේ රටේ ජනතාව අනතුරේ හෙළීමට වියහැකිදැයි සාධාරණ ප්‍රශ්නයක් පැන නැගේ. පසුගිය මැතිවරණ සමයන්වලහී දී ද මෙම බීබීසී ආයතනයෙහි මාධ්‍යවේදීන් ඉතාම අවබෝධයෙන් යුතුව යහපාලනය රැකගැනීම වෙනුවෙන් වෙහෙසෙනු පෙන්නට තිබිණි. බීබීසීයේ එක් ප්‍රකට මාධ්‍යවේදියෙකු සෘජුවම එජාපයට සහයෝගය දක්වනු ලැබීය. ඔහුට එල්ල වූ දෝශාරෝපණ හමුවේ ඔහුව බීබීසියෙන් ඉවත් කිරීමට එහි ඉහළ පරිපාලනය කටයුතු කර තිබූ බවත් වාර්තා විය.

කොහොම නමුත් මේ සතුරු බලවේග කෙතරම් බොරු අවලාද ගසමින් රජයට ජනතාවට එරෙහිව කටයුතු කලත් වත්මන් රජය ජනතාව වෙනුවෙන් වන වගවීම කරටගෙන කළහැකි උපරීමය, සාධාරණව නිවැරදිව සිදු කරමින් සිටින බව තහවුරු කිරීමට මේ රටේ ජනතාවට අමුතු සාක්ෂි අවශ්‍ය නැත. ඔවුන් ඒ සියල්ල ඇස් දෙකෙන් දකිමින්, අත් විඳිමින් තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us