මාතර නගරය සංවර්ධනය කිරීමට පියවර

Published in පුවත්
Wednesday, 10 March 2021 11:01

මාතර නගරය වාණිජ හා සංචාරක නගරයක් ලෙස දියුණු කරමින් එහි පරිපාලන නගරය කොටවිල ප්‍රදේශයේ ස්ථාපිත කිරීමේ කටයුතු කඩිනම් කිරීමට ඊයේ (09) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇත.

මාතර නව නගරය, අකුරැස්ස, දෙවිනුවර, දික්වැල්ල, කඹුරුපිටිය, කිරින්ද-පුහුල්වැල්ල, තිහගොඩ සහ වැලිගම නගරවල නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවල මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 02හි පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

පළාත් පාලන ආයතන 17ක් මාතර දිස්ත්‍රික්කයට අයත් අතර ඉන් පළාත් පාලන ආයතන 07ක් මුල් කරගෙන නාගරික සංවර්ධන අධිකාරිය යටතේ 2021-2030 දක්වා සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක ය.
ඒ යටතේ මාතර මහ නගර සභාව, මාතර ප්‍රාදේශීය සභාව, වැලිගම නගර සභාව, වැලිගම ප්‍රාදේශීය සභාව, දෙවිනුවර, හක්මන හා මාලිම්බඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සංවර්ධනය කෙරෙන බව එහිදී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහන් අගමැතිවරයාට පවසා තිබේ.

තවද නිල්වලා ගඟ දෙපස ඇති අනවසර ඉදිකිරීම් සංවර්ධන කටයුතුවලට බාධාවක් වී ඇති බව ද එම නිලධාරීන් එහිදී හෙළි කර ඇත.. පසුගිය ආණ්ඩු සමයේ නවතා දමා තිබු මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලෙස ද මෙහි දී නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අගමැතිවරයා එහිදී උපදෙස් දී තිබේ.

විශේෂයෙන් දැනට මාතර මහ රෝහල පවතින ස්ථානයේ හදිසි අනතුරු ප්‍රතිකාර සඳහා පමණක් වෙන් කරමින් අනෙකුත් ප්‍රතිකාර කටයුතු කොටවිල ඉදිකෙරෙන නව රෝහලට ගෙනයාම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.එහි දී පසුගිය ආණ්ඩුව කොටවිල රෝහලේ ඉදිවෙමින් තිබූ ගොඩනැගිලි 9ක කටයුතු නවතා දමා ඇති බව අනාවරණය විය.

එම ගොඩනැගිලි ඉදිකිරීම වහා ම ආරම්භ කරන ලෙස ද රෝහලේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන ලෙස ද එහිදී අගමැති දැනුම් දී ඇත.
එසේ ම ගොඩගම හංදියේ සිට කඹුරුපිටිය දක්වා මාර්ගය මංතීරු 4කටත් කඹුරුපිටිය-කොටවිල දක්වා මාර්ගය මංතීරු දෙකකටත් සංවර්ධනය කිරීමට මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අදාළ නිලධාරීන්ටඑහිදී දී උපදෙස් දී තිබේ.

විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අදහස් පළ කරමින් කොටවිල ඉදි වූ මාතර නව උසාවි සංකීර්ණය නොබෝ දිනකින් විවෘත කිරීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කර ඇත . එහි ඉදිකිරීම්වලට සමඟාමීව නීතිඥයන් වෙනුවෙන් කාර්යාල පහසුකම් සහිත ගොඩනැගිල්ලක් ද ඉදිකිරීමට ද අගමැතිගෙන් උපදෙස් ලැබී ඇත.

දෛනිකව මාතර නගරයේ සහ වැලිගම නගරයේ ඝන අපද්‍රව්‍ය ටොන් 80ක් පමණ ඒකරාශි වන අතර ඉදිරියේ දී මෙම ඝන අපද්‍රව්‍යවලින් විදුලිය නිෂ්පාදනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.
මේ අතර රුපියල් මිලියන 632ක් වැය කරමින් ඉදිකළ මාතර නගරයේ නිල්වලා ගඟ බඩ උද්‍යානයේ පළමු, දෙවැනි හා තෙවැනි අදියර මේ මස 31 වැනිදාට පෙර අවසන් කිරීමට නියමිත ය. එහි සිවු වැනි අදියර මිශ්‍ර ව්‍යාපෘතියක් ලෙස ඉදිරියටත් ක්‍රියාත්මක වේ.

කඹුරුපිටිය නගර සංවර්ධනයට සමගාමීව එහි පිවිසුම් මාර්ග මංතීරු 4කින් යුතුව අඩි 66ක් දක්වා පළල් කිරීමටත් කඹුරුපිටිය මහා විද්‍යාලය සංවර්ධනය කිරීම සඳහාත් මෙහි දී අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු විය.
ඒ අනුව කඹුරුපිටිය මහා විද්‍යාලය මෙන් ම රටේ අනෙකුත් පාසල් සංවර්ධනය කිරීමේ දී ඒ සෑම පාසලකට ම මීටර 400ක ධාවන පථයක් සහිත ක්‍රීඩා පිටියක් ලබා දීමට සැලසුම් කරන ලෙස අගමැති බලධාරීන්ට දැනුම් දී තිබේ.

-පංචාලි අබේසේකර

m1m2m3m4m5m6m8m10m9

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us