බුර්කා තහනම් කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

Published in පුවත්
Monday, 15 March 2021 09:53

ශ්‍රී ලංකාව තුළ බුර්කාව පැළැඳීම තහනම් කිරීමට අදාල කැබිනට් පත්‍රිකාව අද දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාගැනීමට නියමිතයි.

තමන් මෙම කැබිනට් පත්‍රිකාවට පසුගිය සිකුරාදා(12 ) අත්සන් තැබූ බව මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසා තිබිණි.

මුස්ලිම්වරුන්ගේ සාම්ප්‍රදායික ඇඳුමක් නොවූ බුර්කාව (මුහුණ සම්පූර්ණයෙන්ම වසාගෙන අඳිනු ලබන කාන්තා ඇඳුම) පසුගිය කාලයේදී ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවලදී පවා යොදාගත් බව අනාවරණය විය. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග මෙරටදීත් බුර්කාව තහනම් කිරීමට පාස්කු ප්‍රහාරය සම්බන්ධ සොයා බලන ජනපති කොමිසමේදීත් නිර්දේශ වී තිබේ.

ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය සමඟ මෙරට තුළ බුර්කාව තහනම් කළ යුතු බවට ජන කොටස් වෙතින් දැඩි ඉල්ලීම් ද ඉදිරිපත්ව තිබූ නමුත් මුස්ලිම් දේශපාලන පක්ෂ සහ මානව හිමිකම් සංවිධාන ඊට විරෝධය පළ කර තිබිණි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us