හෝටල් ඉඩම සිංහරාජයට, තවත් අක්:1500ක් පවරාගැනේ. ආණ්ඩුවෙන් හරි තීන්දුවක්

Published in පුවත්
Friday, 19 March 2021 11:47

සිංහරාජ වනාන්තරයට අයත් ඉඩමක් හෙළිකර හෝටලයක් ඉදිකිරීමට සූදානමක් ඇතැයි කියන අක්කර 07කින් යුතු එම ඉඩම කඩිනමින් සිංහරාජ වනාන්තරයට පවරා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත. මෙම ඉඩම මෙන්ම තවත් අක්කර 1500ක පමණ බිම් ප‍්‍රමාණයක් සිංහරාජ වනාන්තරයට පවරා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.

දැනට එම ඉඩම් තුළ පවුල් 135ක් පදිංචිව සිටින බැවින් ඔවුන් කෙරෙහි ද අවධානය යොමු කිරීමට රජයට සිදු වන බව පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි. මේ අතර හෝටලයක් ඉදිකරන ඉඩමේ ඔප්පුවල නිරවද්‍යතාව පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට අවධානය යොමු කර තිබෙන බව ද හෙතෙම කීවේය.

එමෙන්ම මෙම ඉඩමේ වටිනා ගස් තිබුණේ නම් ඒවා කපාදැමීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසරගෙන නොමැති බව තහවුරු වී තිබේ. එමෙන්ම රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය විසින් ඒ සඳහා අනුමැතියක් ලබානොදුන් බව ඔවුන් ද තහවුරුකර තිබේ. මෙවැනි සිදුවීමක් වන තුරු තම රාජකාරිය ඉටු නොකිරීම සම්බන්ධයෙන් ප‍්‍රාදේශීය ලේකම්වරයා හා ග‍්‍රාම නිලධාරියාත් වගකිවයුතු බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

කෙසේ වුවද ලබන සතිය වන විට මෙම සිද්ධිය සම්බන්ධව අවසන් තීරණයකට ඒමට රජය කටයුතු කරන බවත් කී ඇමැතිවරයා මෙම ඉඩම සම්බන්ධව දැනට අයිතිය පළ කරන පුද්ගලයන් කිසියම් අනීතික ක‍්‍රියාවන් සිදුකර ඇත්නම් තරාතිරම නොබලා නීතිය ක‍්‍රියාත්මක කරන බව ද කියා සිටියි. එමෙන්ම මෙම ඉඩමට අයත් වටිනා ගස් කපා ඉවත් කිරීම සම්බන්ධව පරීක්ෂණයක් සිදුකරන බවත්, මොවුන් නිසි අවසරයකින් තොරව වටිනා ගස් කපා ඉවත් කර ඇත්නම් ඒ සඳහා ඊට එරෙහිව තමන් නඩු පැවරීමේ වගකීම භාර ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

වනාන්තර සහ රක්ෂිතයන් අලුතෙන් එළි පෙහෙළි කරමින් ඉඩම් අල්වා ගැනීම් පසුගිය කාලයෙහි ඉතා සීග්‍රයෙන් වර්ධනය වී තිබිණි. විශේෂයෙන්ම ආණ්ඩුපාක්ෂික ප්‍රාදේශීය දේශපාලකයන් සහ ඔවුන්ට හිතවත් ව්‍යාපාරිකයන් දේශපාලනික හයිය පාවිච්චිකරමින් මෙම කටයුත්තේ යෙදී සිටින බවටද තොරතුරු හෙළිව තිබේ. මේ නිසා වඩාත් අපහසුතාවයට පත්ව ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය. මන්ද ඔහු විසින් මේ වනාන්තර හා රක්ෂිතයන් ආශ්‍රිතව ඉතා සුළු වගාවන් සහ ගවයන් ආදිය ඇති කරමින් ජීවිකාව ගෙන යන පිරිස් වෙනුවෙන් මානුෂිකව කල්පනාකර යම් අවසරයක් ලබාදීමට කටයුතු කළත් එම අවසරය පාවිච්චි කරමින් ඇතැම් ආණ්ඩුපාක්ෂික කොටස් අනීතික කටයුතුවල යෙදීතිබීම නිසා මේවා ජනාධිපතිවරයාගේ අනුග්‍රහය යටතේ සිදුවන දේ බවට විපක්ෂ කොටස්වලට වැරැදි මතයක් සමාජගත කිරීමට හැකිව තිබෙන නිසාය.‍

මේ තත්වයන් පාලනය කිරීමට ගත් පියවරයන්ද තවමත් එතරම් සාර්ථක වී නැති නමුත් ඒ වෙනුවෙන් දැඩිව කටයුතු කිරීමට ජනාධිපතිවරයා තීරණයකර ඇත. කොහොම නමුත් මේ වන විටත් රැකගත යුතු සංවේදී පරිසර පද්ධතීන්ට හානිදායකව තිබෙන තත්වයන් ඉවත් කිරීමට ජාතික මට්ටමින් වැඩපිළිවෙලක් ක්‍රියත්මක කළයුතුව තිබේ. මෙහිදී මේ පරිසර පද්ධතීන් ආශ්‍රිතව ජීවත් වන පිරිස් එම ස්ථාන වලින් ඉවත්කර ඔහුගේ ජීවිකාව කරගෙන යෑමට හැකි වාතාවරණයක් අලුතෙන් සකසා දිමද විය යුතුය. මෙහිදී දශක කිහිපයක් තිස්සේ එම ප්‍රදේශවල ජීවත් වූවා කියා ඊට දක්වන අයිතිවාසිකම පිළිගෙන එම ප්‍රදේශ සංවර්ධනය කරන්නට යෑම බරපතල පාරිසරික විනාශයකට මඟ හෙළිකරමින් තිබෙන බව මේ වන විට වුවමනාවටත් වඩා සාක්ෂි ලැබී තිබේ. ඒ අනුව සිංහරාජය සම්බන්ධයෙන් ඇමැති අමරවීර ගෙන තිබෙන තීන්දුව වඩාත් නිවැරදි බව කිවයුතුය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us