නැවත එනවද නැද්ද කියලා තීරණය කරන්නේ ජනතාව - ජනපති Featured

Published in පුවත්
Saturday, 20 March 2021 20:07

තමා දෙවැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

“ගම සමඟ පිළිසඳර“ වැඩසටහනට අද (20) වලපනේදි එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,

“දැන් තමුන්වහන්සේලා දන්නවානේ මම එනවා කිව්වමත් පාර හැදෙනවා එක් කොච්චර ලොකු දෙයක්ද. දැන් මාව තමුන්වහන්සේලා පත්කළේ මාස 60කට. දැනට මාස 14ක් ගිහිල්ලා. තව තියෙනවා හොඳ ගානක්. ඉතින් සමහර අය මම ආයෙත් එන්නෙ නැහැ කිව්වා කියලා කලබල වෙලා තිබුණා. ඒක ජනතාව තෝරන්නේ. මේ පාරත් ජනතාවන තේරුවේ. ඉස්සෙරලා මට දීපු 60 වැඩ කරලා පෙන්න ඕනේ නේද හාමුදුරුවනේ ඊට පස්සේ තමයි ඉතුරුවා හිතන්නේ. මගේ අවශ්‍යතාවය මේ මාස 60 තුළ විශේෂයෙන්ම අපේ ගම්මාන දියුණු කිරීම. හැමදාම නගරයට විතරක් වැඩ කරන්න බැහැ.

අද අවාසනාවන්ත සිද්ධියක් වුණා පස්සර බස් රථයක් අඩි 300ක ප්‍රපාතයකට වැටිලා. දැන් මේ පාරවල් පටු නිසයි ඒ බස් වේගයෙන් යනවා. හැබැයි පාරවල් පටුයි. මම කවදාවත් පරිසරය විනාශ කරලා නැහැ. උද්‍යාන හැදුවා, ජලාශ හැදුවා, තෙත්බිම් ආරක්ෂා කළා. මේ කොළඹ නගරයේ, පිළියන්දල, කැස්බෑව මේවා තමයි පරිසරය හැදෙනවා කියන්නේ. කුණු ඉවත් කළා. අපි විහාර මහාදේවි උද්‍යානය හොඳට හැදුවා. ඊයේ ඒකේ විශාල බිල් බෝඩ් එකක් ගහලා රූපවගයක් ඇඳලා. ඒකෙන් පරිසරය විනාශ කරනවා. මම කොළඹ පෝස්ටර් ගහන එක නැවැත්තුවා. බිල් බෝඩ් ගැහිල්ල නැවැත්තුවා. මම දැක්කා අද පත්තරේ තියෙනවා. ඔය කෑගහන විපක්ෂයේ කෙනෙක් දුවට හන්තාන රක්ෂිතයෙන් තෑගි ඔප්පුවක් දීලා. ඉතින් ඒක සුද්ද කරලා ඇමතිවරුන්ට ඒවා කරන්න පුළුවන්. හන්තාන විනාශ කරද්දි අඬන්න, අඬවන්න කෙනෙකුත් නැහැ. පුදුම මාධ්‍ය තියෙන්නේ.

දැන් හාමුදුරුවනේ මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය ආයතනය අයිති මිනිහගේ නිදහස නෙමෙයිනේ. මාධ්‍ය අයිතිකාරයාට ඕන විදිහට රට කරන්න හදනවා නම් ඒක මාෆියාවක්. අපේ රටේ රජවරුත් නැහැ මහරාජලත් නැහැ. මහරාජලා හිටියේ ඉන්දියාවේ. රජය, පාලකයෝ පාලනය කරන්න හදනවා. මාත් එක්ක ඒවා බැහැ. ඒවට කරන්න ඕන දේවල් මම දන්නවා. මම මාධ්‍ය නිදහස දීලා තියෙනවා. මම මාස 14ක් පාලනය කළා. මම කිසිම මාධ්‍යයකට බලපෑම් කරලා නැහැ. ඒ අය වැරදියට පාවිච්චි කරන්න ආවොත්. ඒකටත් නීති තියෙනවා, කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒවා මම ක්‍රියාත්මක කරනවා.

ජාතික චින්තනය තියෙන මාධ්‍යයත් බොරු ප්‍රචාර යවනවා. මම හොයලා බැලුවා කවුද කියලා. යුද්ධ කාලෙත් ඒ අයම තමයි අපිට විරුද්ධව වැඩ කළේ. පුවත්පතක හිටපු කණ්ඩායමක් ඕවා කරන්නේ. කුරුණෑගල අනවසරයෙන් අක්කර 77ක් එළි කරලා. 2015 සිට 2019 දක්වා පුත්තලමේ අක්කර 25‍8ක්, මොනරාගල අක්කර 100ක්. රත්නපුර අක්කර 42ක් , අනුරාධපුර අක්කර 224ක් දැන් මේවට කවුරුත් ඇඬුවෙත් නැහැ බැලුවෙත් නැහැ. මේවා ඒ අය දැක්කේ නැහැ. ඒ අයට අවශ්‍ය රජයක්නෙ තිබුණේ. බොරු ප්‍රචාර ගෙනියනවා ජ.වි.පෙ පරිසරවේදියෝ අර මුහුණු පොතේ දානවා. සිංහරාජේ අවසන් ගමන් ගිය තවත් ගහක් කියලා දානවා. හැබැයි මොක්ද මේ ඉන්දියාවේ ඔඩීෂා නගරයේ ගහක් කපපු එකක් උඩුඳුම්බර වන විනාශය කියලා දානවා. ඒක මේ රටේවත් නෙමෙයි කියලා. ඉතින් ජනතාව මුලා කරන්න බොරු ප්‍රචාර ගෙනියනවා. මේවට රැවටෙන්න එපා. “

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන “ගම සමග පිළිසඳර“ 15 වැනි අදියර අද ක්‍රියාත්මක වුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් යෝඹුවැල්තැන්න ගම්මානය කේන්ද්‍ර කර ගනිමිනි.

එම ගම්මානයට පැමිණෙන අනරතුර ජනාධිපතිවරයා මඟදෙපස රැස්ව සිටි ගම්වාසීන් සමඟ සුහද පිළිසඳරක ද නිරත වුණි.

adaderana

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us