සතොස දෛනික ආදායම කෝටි 15 ඉක්මවයි !

Published in පුවත්
Tuesday, 06 April 2021 10:02

ලංකා සතොස ආයතනය මගින් ලබාදෙන රුපියල් දහසේ සහන මල්ල ඇතුළු තවත් භාණ්ඩ 27ක මිල පහළ දැමීමත් සමග සතොස දෛනික ආදායම රුපියල් කෝටි 15ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ දිනයේ කොළඹ, වෙ​ළෙඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

ඉතිහාසයේ වැඩිම ආදායමක් සතොසට ලැබීම ආරම්භ වූයේ මෙම සහන බඩු මල්ල හඳුන්වාදීමට පටන් ගත් සතියක පමණ කාලයක සිට බවයි අමාත්‍යවරයා පවසන්නේ.

සතොස දෛනික ආදායම ලෙස වෙනදාට ලැබී ඇත්තේ රුපියල් මිලියන 7ක මුදලක් පමණක් බවත් මෙම බඩු මල්ල හඳුන්වාදීමට ආරම්භ කළ දිනයේ සිට දෛනිකව රුපියල් මිලියන 150ක පමණ ආදායමක් ලැබෙන බවත් මෙහිදී ඇමැතිවරයා අදහන කර ඇත.

ඇමැතිවරයා පවසන්නේ සුපිරි වෙළෙඳසල් තුනකින් මෙම සහන මල්ලේ ඇති භාණ්ඩ මිලට ගත් අතර එම මිල රුපියල් දහසට වඩා වැඩි වූ බවය. රිසිට්පත් සහිතව එම බඩු මිල ගණන් ඔප්පු කළ පෙන්විය හැකි බවද ඔහු පවසයි.

අධ්‍යාපන ආයතන, රෝහල්, පොලිසිය හා ත්‍රිවිධ හමුදාව ලිඛිතව ඉල්ලීමක් කරන්නේ නම් මෙම සහන මලු එකකට වඩා වැඩි ප්‍රමාණයක් ලබාදිය හැකි බවද මේ වනවිට මෙම සියලු ආයතන සඳහා ලබාදීමට ලංකා සතොස සතුව ප්‍රමාණවත් තොග පවතින බවද වැඩිදුරටත් පවසා සිටියේය.

මේ අතර සතොස සහන මල්ල එම ගුණත්වයෙන් හා ප්‍රමාණයන්ගෙන්ම පෞද්ගලික අංශයෙන් ද ලබා දෙන්නේ නම් එය අගය කළ යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙම සාකච්ජාවේදී සදහන් කර තිබේ.

ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ වඩා සාධාරණ මිළ ගණන් යටතේ ජනතාවට ලබා දීම හා එතුළින් දේශීය නිෂ්පාදන සඳහා ඍජු වෙළෙඳපොලක් සැකසීම තුළ දිගු කාලීන වශයෙන් රටට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙලක් කරා සමස්ත පාරිභෝගිකයා මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන මඟින් පාරිභෝගිකයාට ලබා දෙන භාණ්ඩ වර්ග 12ක් මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරමින් ඒ ඒ භාණ්ඩයට රජයෙන් ලබා දී ඇති වගකීමත් එහි ප්‍රමිතිය පිළිබඳව ලබා දී ඇති සහතිකයත් සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කරන ලදී.

එමෙන්ම මෙම භාණ්ඩ වර්ග 12 සඳහා ඊට අඩු මිළක් ලබා දෙන බවට විවිධ වෙළෙඳසැල් විසින් සිදු කර ඇති ප්‍රචාරක කටයුතු පිළිබඳව අවධානය යොමු කරමින් ඒ ඒ අලෙවිසැල් වලින් භාණ්ඩ වර්ග 12ම අඩංගු වන පරිදි ලබා ගත් භාණ්ඩ පාර්සල් පිළිබඳව සැබෑ තතු හෙළි කළ අමාත්‍යවරයා ඉන් සමහර අලෙවිසැල් වලින් ප්‍රමාණාත්මකව අඩු භාණ්ඩ ලැයිස්තුවක් රු.දහසකට වඩා අඩුවෙන් ලබා දී ඇති බවත්, ඉන් සමහර අලෙවිසැල් මඟින් ගුණත්වය පිළිබඳව වගකීමක් ලබා දිය නොහැකි භාණ්ඩ එම ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවත් සඳහන් කරන ලදී.

මීට අමතරව සමහර වෙළෙඳසැල් මඟින් උක්ත භාණ්ඩ වර්ග 12 සඳහා රු.1300/= ඉක්මවන මිළ ගණන් ප්‍රකාශ කර ඇති ආකාරය ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලද අතර ඊට සාක්ෂ්‍යය වශයෙන් අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි සිදු කර ඇති වෙළෙඳපොල මිළ ගණන් පරීක්ෂා කිරීම සඳහා ලබා ගන්නා ලද භාණ්ඩ හා එම භාණ්ඩ සඳහා ලබා ගත් ලදුපත් ද මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරන ලදී.

පාරිභෝගිකයා වෙත සතොස හරහා ලබා දෙන සහන මල්ල පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සිදුකරනු ලබන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එම චෝදනා, පාරිභෝගිකයාට වත්මන් රජය විසින් ලබා දෙන මිළ සහන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන්නක් පමණක් වන බවත් අවධාරණය කරන ලද අමාත්‍යවරයා ඒ අනුව සතොස සහන මල්ල පිළිබඳව විපක්ෂ නායකවරයාගේ චෝදනාව තරයේ හෙළා දකින බව ද ප්‍රකාශ කරන ලදී.

-පංචාලි අබේසේකර

wela1wela 2

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us